Colombo Today Local News

කබ්රාල්ගේ පත්වීම වළකන්නැයි, ඉල්ලූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම 7 වැනිදා

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට පත්කිරීම හා ඔහු එම ධුරයේ කටයුතු කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි, ඉල්ලා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගොනුකර තිබු රිට් ආඥා පෙත්සම සළකා බැලීම සඳහා ලබන මස 7 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද(22)දින නියෝග කළේ ය.

සෝභිත රාජකරුණා හා ධම්මික ගන්පොල යන විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශවය වෙත නියෝග කළේ, පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇත්නම් ඒවා ලබන 30 වැනිදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසයි.

පෙත්සම්කරු, පෙත්සමට අදාළව ගොනුකර ඇති ලේඛනවල මුල් පිටපත් තමන් වෙත ලැබුණේ, ඊයේ දිනයේදී බැවින් ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීමට දින ලබා දෙන්නැයි, අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

පෙත්සමේ වග උත්කරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ජනාධිපති ලේකම්වරයා, අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related posts

ඒක පිහියක් නෙවෙයි… මගේ ෆොන් එකත් උස්සලා – තෙවරප්පෙරුම දැන් කියන කතාව මෙන්න [Voice]

colombotoday

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

Admin

චන්ද්‍රිකාගේ සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ..

colombotoday

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

colombotoday

පුද්ගලික ධනයෙන් විල්පත්තු, කල්ලාරු වන වගාව සිදුකරනු. හිටපු ඇමති රිෂාඩ්ට අභියාචනාධිකරණයෙන් නියෝග.

colombotoday

දිනුවත් බලය පිහිටුවීමේ අවුලක්! මාලිමාව අර්බුදයක?

Admin