Colombo Today Local News

පහරදීමකින් පසු බසයකට යට වූ පුද්ගලයා දැක දැක රාජකාරිය පැහැර හැර ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක්

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට වැලිගම මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු අද (21)දින අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ ඉකුත් දිනකදී වැලිගම නගරයේ දී පහරදීමකින් පසු බසයකට යට වී පුද්ගලයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තම රාජකාරිය පැහැර හැරියාය යන චෝදනාව හේතුවෙනි.

මෙලෙස මිය ගිය පුද්ගලයා ඇතුළු පවුලේ සැම නිරෝධාන වෙමින් සිට ඇති බවත් මියගිය පුද්ගලයා ආහාර රැගෙන ඒම සඳහා එදින රාත්‍රියේ වැලිගම නගරයට පැමිණ තිබෙන බවත් අනාවරණය වී තිබේ.

පහරදීම සිදු වු අවස්ථාවේදී මෙම කොස්තාපල්වරුන් දෙදෙනා එම ස්ථානයෙන් ගමන් කර ඇති බවද ඉන් අනතුරුව අදාළ පුද්ගලයා බිම වැටී සිටිය දී බසයට යට වී ඇතැයි ද පැවසේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියේ සම්පූර්ණ CCTV දර්ශන පොලිසිය රැගෙන ගොස් එහි මුල් කොටස මකා දමා ඇති බවට මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන අතර ඒ පිළිබඳවද විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙය වන බවයි වාර්තා වන්නේ.

Related posts

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday

Video – පකිස්ථානයේ විශ්වවිද්‍යාලයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් – 30ක් මරුට

colombotoday

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16කට “සායනික මහාචාර්ය” පදවි

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Admin

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති

colombotoday

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

colombotoday