Colombo Today Local News

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‘රා’ වලට ප්‍රමිතියක්

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩි වී ඇති බැවින් එම රා නියමිත ප්‍රමිතියකට සකස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩිවීම නිසා නිවැරදි රා සොයා ගැනීමේ ගැටලුවක් පවතින බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කිරීම හේතුවෙන් ප්‍රමිතියක් සකස් කිරීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ප්‍රමිතිය සකස් කිරීමට කමිටුවක්ද පත්කර ඇත. ලංකාවේ නිපදවන මත්පැන් සඳහා ප්‍රමිතියක් සකස් කර ප්‍රකාශයට පත් කර ඇති අතර එය නියාමනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරී ඇත.

විවිධ විෂ කාරක යොදා ගනිමින් කෘත්‍රිම රා සකස් කිරීම නිසා ඒවා පානය කිරීමෙන් පූඩළුඔය, කොටදෙණියාව වැනි ප්‍රදේශවල පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම කෘත්‍රිම රා විනාකිරි වැනි ආහාර නිපදවීමටද යොදා ගන්නා බවට මත පළවී ඇති බැවින් ඒ පිළිබඳවද සොයා බැලීමට නියමිතය.

Related posts

මහ සයුරේ කොටි බල සුනු විසුණු කල “බඹර ධේනුව” ඩෝරා

colombotoday

මේ වසරේදී කෝටාව ඉක්මවමින් කොරියා රැකියා 8000ක්

Admin

ලෝකෙන්ම එකයි.. හිටපු රාජ්‍ය නායකයාට හමුදා ආරක්ෂාව දුන්නු එකම ජනපති මමයි

colombotoday

බැදුම්කර වංචාවේ තරම බෑණාගේ ලාභයෙන් පෙනේ.. අවසන් මාස 6 ලාභය බිලියන 6.8යි..

colombotoday

ගම්පහ පුංචි මන්ත්‍රීන් 174න් 151ක්ම මහින්දව ඉල්ලයි.

colombotoday

ත්‍රී රෝද රථ වලට මීටර – ලදු පත් අනිවාර්ය කෙරේ

colombotoday