Colombo Today Local News

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

වැලිකන්ද ප්‍රාදේශිය සභා සභාපති කවිදු අබේසුරිය විසින් සිදුකර ඇති වැරදි කිහිපයක් සම්බන්ධව සිදුකළ පරීක්ෂණයට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකර තිබේ.

එම විමර්ශනයට අදාළව නිකුත් කරනු ලැබු වාර්තාවට අනුව සභාපතිවරයා අදාළ වැරදි සිදුකර ඇති බවට සනාථ වන බව ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

Related posts

“ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුමෙන් හෙළිවූ කොටි ඔත්තුකරු පී රංජිත් යනු කවුද?

colombotoday

සුජීවගේ නිවස හදිසි සෝදිසි කිරීමක

Admin

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

Admin

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

colombotoday

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

colombotoday