Colombo Today Local News

2021 අයවැය විවාදය දින 19 ක්

2021 වසර සඳහා වන අයවැය විවාදය දින 19 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නිවේදනය කළේ, ලබන 17 වැනි දා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම 21 වැනි දා පස්වරු 5.00 ට සිදුවනු ඇති.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ලබන 23 වැනි දා කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය දෙසැම්බර් 10 වැනි දා අවසන් වීමට නියමිත අතර එදිනම පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.

Related posts

බුරම්පි මාමා අන්දනවා වගේ අයි.එම්.එෆ් අන්දන්න බෑ

Admin

අපරාධ කල්ලි සාමාජික ලසන්ත වික්‍රමසේකර ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

colombotoday

වාහනවලට හරියන පාරවල් නැති නිසා මිළ වැඩි කළා.. ත්‍රීවීල් වෙනුවට පුංචි කාර් එකක් ගෙනැත් අඩුවට දෙනවා

colombotoday

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති දිවුරුම් දෙයි

colombotoday