Colombo Today Local News

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

2018 වසර තුළදී වන අලින් තුන්සිය එකොළහක් මියගොස් තිබෙන අතර, එම කාලය තුළදී මිනිස් ජීවිත අනූපහක් අහිමි වී තිබේ. පසුගිය වසරේ මියගිය වන අලින්ගෙන් 61 දෙනෙකු මියගොස් තිබෙන්නේ මිනිසුන් විසින් විවිධ ආහාර ද්‍රව්‍ය සමග තබා තිබූ හක්කපටස් පුපුරා යෑමෙනි.

දුම්රියේ ගැටීම නිසා වන අලින් 15 දෙනෙකු මියගොස් තිබේ.

2017 වසරේදී වන අලින් 256ක් මියගොස් තිබෙන අතර, මියගිය පුද්ගල ප්‍රමාණ 87කි. හක්කාපටස් පුපුරා යෑමෙන් අලින් 48ක් හා දුම්රියේ ගැටීම නිසා අලින් 07 දෙනෙකු එම වසර තුළදී මියගොස් ඇත.

2016 වසරේදී වන අලින් 279ක් මියගොස් තිබෙන අතර, පුද්ගල මරණ ප්‍රමාණය 68කි. 2015 වසරේදී වනඅලින් 205ක් මියගොස් තිබෙන අතර, 2014 වසරේදී වන අලින් 231ක්, 2013 වසරේදී වන අලින් 206ක් සහ 2012 වසරේදී වන අලින් 250ක් මියගොස් තිබේ.

2011 වසරේ සිදුකළ වන අලි සමීක්ෂණයට අනුව ලංකාව තුළ සිටින අලි ඇතුන් ප්‍රමාණය 5879කි.

2012 වසරේ සිට 2018 දක්වා වූ කාලය තුළදී වන අලිඇතුන් 1737ක් මියගොස් ඇත.

2012 වසරේදී වනඅලි පහරදීම් නිසා පුද්ගල මරණ 73ක්, 2013 වසරේදී පුද්ගල මරණ 70ක්, 2014 වසරේදී පුද්ගල මරණ 67ක්, 2016 වසරේදී පුද්ගල මරණ 68ක්, 2017 වසරේදී පුද්ගල මරණ 87ක් සහ පසුගිය වසරේදී පුද්ගල මරණ 95ක් සිදුවී තිබේ.

Ada.lk

Related posts

යතුරු පැදි සොරකම්කර කොටස් විකිණු සිව්දෙනෙකුට වැඩ වරදී

colombotoday

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

colombotoday

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday