Colombo Today Local News

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමග බියර් නිෂ්පාදනය සඳහා රතු වී ලබා ගැනීමට සමාගමක් කටයුතු කරන බවට පැමිණිල්ලක් වෙළෙඳ අමාත්‍යාංශයට සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබී ඇත.

මධ්‍යම පළාතේ පිහිටි සහල් මෝලකට වී මිලදී ගන්නා මුවාවෙන් තිරුක්කෝවිල් ප්‍රදේශයේ කමත්වලට ගොස් වී මිලදී ගැනීමට මෙම සමාගම කටයුතු කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.

ඊයේ (19 ) දිනය වන විට රතු වී මිලදී ගැනීම සඳහා ලොරි රථ හැටක් එම ප්‍රදේශයට පැමිණ තිබේ. ඔවුන් කිලෝග්‍රෑම් 65ක් වූ වී මිටියක් රුපියල් 3250ක මුදලකට ලබා දෙන බවද කියැවේ.

පෞද්ගලික වී මෝල් හිමියන් විසින් වී මිටියක් මිලදී ගන්නේ රුපියල් තුන්දහසකටය.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පාරිභෝගික පනතට අනුව නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේය. සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වී සහ සහල් මිලදී ගැනීම පමණක් තහනම් කර ඇති බව ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත් සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳසල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් ද ආරම්භ කර ඇත. ගත වූ සතිය තුළ වැටලීම් 400ක් සිදු කර තිබෙන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

Related posts

‘කොටි හඬ’ට පණ එයි! යළිත් විකාශණය ඇරඹේ

colombotoday

අලි ඝාතකයින්ට මනුෂ්‍ය ඝාතන දඬුවමක් දෙන්න

Admin

නීති නිතිවෙදින්ගේ සංගමයේ මිනී කාක්කෝ ශ්‍රෙෂ්ඨාධිකරණයට ඇස ගසයි !

colombotoday

ජනපති සිරිසේනගේ පාලනය යටතේ සිදුකල පාපයෙන් මිදීමටනම් ඥානසාර හිමි නිදහස් කල යුතුමයි

colombotoday

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday