Colombo Today Local News

නීති නිතිවෙදින්ගේ සංගමයේ මිනී කාක්කෝ ශ්‍රෙෂ්ඨාධිකරණයට ඇස ගසයි !

පොදු ජනතාව සහ සිවිල් සංවිධාන නිදි වදිද්දී නීති නිතිවෙදින්ගේ සංගමයේ මිනී කාක්කෝ ශ්‍රෙෂ්ඨාධිකරණයට ඇස ගසයි.

පසුගියදා චන්ද්‍රා ඒකනායක මහත්මිය විශ්‍රාම යාමෙන් හිස්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර සදහා ලංකා නිතිවෙදිකයන්ගේ සංගමය තම අනුගාමිකයෙක් පත්කෙර ගැනීමට මේවන විට ජනාධිපති තුමන්ට හා ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කරමින් පවතින බවට වාර්තා පලවෙමින් ඇත.

දැනට යෝජනා වී ඇති දීපාලි විජේසුන්දර මහත්මියගේ හා විජිත් මලල්ගොඩ මහතාගේ නම් ඔව්න්ගේ පෙර ක්‍රියාකලාප හා දේශපාලන සම්බදතා හේතුවෙන් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරන තත්වයක් උදාවී ඇතිබව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සනාථ කර ඇත. ඒඅනුව මෙම පුරප්පාඩුවට සුදුදුම තැනැත්තා වන්නේ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියක වන විනිසුරු මාලනී ගුණරත්න මහත්මියයි. ජ්‍යෙෂ්ඨතත්වයෙන් දීපාලි විජේසුන්දර මහත්මියට පමණක් දෙවෙනි වන ඇය කාර්යක්ෂම හා අපක්ෂපාති විනිසුරුවරියක් ලෙස කාගේත් විශ්වාසය දිනාගන ඇත.

නඩු කල් අදිමින් පොදුජනයා සූරාකන, මිනී කාක්කන් බඳු පෙරකෙදොරුවන්ට කිසිම සමාවක් නොදෙන විනිසුරුවරියක් ලෙසත්, වසර ගණනාවක් තිස්සේ ගොඩගැසුණු නඩු විසදා සාමාන්‍ය ජනයාට සහන සලසන්නියක් ලෙසත් නීති ක්ෂේත්‍රරය තුළ ප්‍රකටය. මෙය සැලවීමත් සමගම කැළබීඇති නීතිවේදීන්ගේ සංගමයේ හොර පෙරකදොරුවන් හට අඳුකොළ වන්වූ අභියච්නදිකරණයේ මාලිනි ගුණරත්න මහත්මියගේ නම වෙනුවට තමන්ගේම ගොඩේ ඉන්නා පොදු ජනයා ගසා කමින් එක නඩු වාරයකට රුපියල් ලක්ෂ 5 කට වඩා අයකරන ජනාදිපති නීතින්‍යයෙක්ගේ නමක් ජනාදිපතිවරයාට බලපෑම්කර ඒ මාර්ගයෙන් යෝජනාකිරීම සදහා වෑයම් දරමින් සිටී. “මාලිනී අවොත් අපි නඩු කල්ගෙන ඉවරයි, එක නිසා අපේ කෙනගේ නම කොහොමහරි දාලා දෙන්නැයි” කියමින් ජනදිපතිතුමන් හා ව්‍යවස්ථාදායක සභාවට කන්නලව් කර ඇති නිතිවෙදින්ගේ සංගමයේ ඉහලම නිලදාරියෙක්, ගිය සතියේ සිට ගුණරත්න මහත්මිය ඉලක්ක කරමින් මඩ ව්‍යාපාරයක්ද ආරම්භකර ඇත.

පොදු ජනයාගේ ආණ්ඩුවක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා යහපාලන රජයෙන් පොදු ජනයා අපහසුතාවයට පත්කරන්නන්ට සෙත සැලසීම පිලිබදව විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා අනෙකුත් සිවිල් සංවිධාන නිදිවද්දී, නිතිවෙදින්ගේ සංගමය හා හොර පෙරකදොරුවන් එක්ව නීතියේ කන්‍යාවිය තවදුරටත් කෙළසමින් සිටී.

-Democracy for Sri Lanka-

 

Related posts

උදයංග ගේන්න ඩුබායි ගිය පිරිස හිස් අතින් ආපසු එයි

colombotoday

“ආණ්ඩුවක් හම්බවුණේ අවු 19කින්.. අපේ සමහරු එක දිගට හොරකම් කරන්න ගත්තා” – රන්ජන්

colombotoday

හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම්

colombotoday

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

colombotoday

බැඳුම්කර ගැහිල්ලෙන් අර්ථසාධක අරමුදලට පාඩුව කෝටි 950 යි

colombotoday

ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Admin