Colombo Today Local News

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

ranil wickramasinghe

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හේතුවෙන් ඇතිවෙමින් පවතින ආර්ථික අර්බුධය ලංකාවටත් සෘජුවම බලපාන බව රජය පවසයි. එම අර්බුදයට මුහුණ දීමට හැකි ඉක්මනින් ඉන්දියාව සමඟ තාක්‍ෂණ සහ ආර්ථික සහයෝගිතා ගිවිසුමට (එට්‌කා) එළැඹීමට රජය තීරණය කර තිබෙන අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඉන්දියාවට යැමට නියමිත බව වාර්තා වනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇමතිවරයා නවදිල්ලියට යෑමට නියමිත අතර ඔහු සමග අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර් පාස්කරලිංගම් ඇතුළු කණ්ඩායමක්ද පිටත්ව යෑමට නියමිතය.

මේ අතර බ්‍රිතාන්‍යයේ නව තීන්දුවත් සමග ශ්‍රී ලංකාවේ අපනයන වෙළදපොළ 40%කින් කඩා වැටෙනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසන අතර එම හේතුවෙන් හැකි ඉක්මනින් ඉන්දියාව සමග (එට්‌කා) ගිවිසුමට එළඹෙන ලෙස ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ඉල්ලා ඇතැයිද මාධ්‍ය වාර්තා පලවී තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ අර්බුදයට මුවා වී ආණ්ඩුව එට්කා අත්සන් කිරීමට සැරසෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන අතර ඊට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමය පවසයි.

Related posts

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

අතුරලියේ රතන හිමිගේ වාහනයෙන් වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන යයි.

colombotoday

කීරි සම්බා වෙනුවට අලුතින් සහල් වර්ගය මෙට්‍රික්ටොන් 50,000ක් එයි

Admin

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin

“ජිනීවා සමුළුවට ඉදිරිපත්කල වාර්තාව මෙරට NGO උවමනාවට හැදූ එකක්“ – අධිකරණ ඇමති

colombotoday