Colombo Today Local News

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

palitha22

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණයකට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු දෙමාපියන් විසින් පෙරේදා (27) මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය අසල ආරම්භ කළ උද්ඝෝෂණය ඊයේ (28) උදෑසන සිට මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය වී ඇතැයි වාර්තා වේ.

අදාළ බලධාරීන් අද දහවල් වනතුරුත් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ඉල්ලීම් ඉටු වනතුරු මෙම මාරාන්තික උපවාසය අත් නොහරින බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාලිත තෙවරප්පෙරුම මහතා පැවසී ය.

මෙවැනි අසාධාරණයන් බොහෝ අය මගහැර සිටියද ප්‍රදේශයේ ගැටලු සම්බන්ධයෙන් තමන් නිරතුරුවම දිවිහිමියෙන් පෙනී සිටින බවත් මෙම සිද්ධියේදීද දේශපාලන බලය අත්තනෝමතිකව අයුක්තිසහගතව යොදාගැනීම නිසා ඇතැම් බලධාරීන්ද මෙම දරුවන්ට සිදුකළ අසාධාරණයට වගකිව යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

අසාධාරණ අයුක්ති සහගත ලෙස නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය හැල්ලුවට ලක්කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය සෝමවංශගේ දේශපාලන පලිගැනීම හේතුවෙන් මීගහතැන්න ප්‍රථමික පාසලට ඇතුලත්වීම අහිමිකළ දරුවන් දස දෙනා සදහා මාස 6ක් ඉකුත්ව ඇතත්, මෙතක් විසදුමක් නොලැබීම මත තමන් මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය අසල ඊයේ රාත්‍රී ගත කල බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.

Related posts

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday

ආරක්ෂ අංශ සොයමින් සිටි මව්ලවි කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනාලා වටකරගෙන තග දමයි.. ජනපති සුදු කොඩි ඔසවයි (Video)

colombotoday

ප්‍රභාකරන් සැමරීමට සියල්ල සූදානම්… යාපන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යුද සැමරුම් ස්මාරක ඉදිවේ

colombotoday