Colombo Today Local Newsfeatured

රිෂාඩ්ගේ මෙහෙකාර දැරිය මියයාම; පරීක්ෂණ කඩිනම් කරන්න යැයි ඇමති වීරසේකරගෙන් නියෝග. සිරුරත් යලි ගොඩ ගන්නා හැඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සිදුකල වතුකරයේ තරුණියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනී පිලිස්සී මියයාම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අපක්ෂපාති ලෙස සහ කඩිනමින් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විමර්ශන අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා මිය ගිය දැරියගේ සිරුර යලි ගොඩ ගැනීමට ද සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.

මීට ඉහතදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන්, නිවසේ සේවකයන් ඇතුළු නිවැසියන්ගෙන්, එම නිවසේ මීට ඉහතදී සේවය කල කාන්තාවන් දෙදෙනෙක්, මියගිය දැරියගේ පවුලේ උදවිය ද ඇතුළු පාර්ශව රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය මේ වන විට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන්ගේ නිවසට මෙම දැරිය පැමිණීමට පෙර ලිංගික අපයෝජනයකට ලක්වීමේ කිසිදු හෝඩුවාවක් තවමත් ලැබී නොමැති අතර මෙහෙකාර සේවයට පැමිණීමෙන් පසුව ඇය අතවරයන්ට ලක් වන්නට ඇති බවට පරීක්ෂණ කණ්ඩායම් සැක පළකර සිටියි.

Related posts

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday

පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දෙයි.

colombotoday