Colombo Today Local News

“මන්ත්‍රීවරුන් හිර කරත් ජනතා මතය සිරගත කළ නොහැකියි.. වෙලාව එනකම් ඉන්න” හිටපු ජනපති

mahinda r5

ආණ්ඩුවට අවශ්‍ය ජනතාව මෙහෙයවන නායකයන් හිර කර ඔවුන්ට මඩ ගැසීම බවත්, මේ රජය ඉතා දක්ෂ ලෙස සිදුකරන්නේ පළිගැනීම පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අත්අඩංගුවේ සිටින උදය ගම්මන්පිල මහතා සහ මොහොමඩ් මුසම්ම්ල් මහතා හමුවීම සදහා කොළඹ නව මැගසින් බන්ධනාගාරයට ඊයේ පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

තමන් අද දේශපාලන හිරකරුවන් බැලීමට ගිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් අද බොරැල්ල මැගසින් බන්ධානාරයට ගොස් උදය ගම්මන්පිල හා මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන්ගේ සුවදුක් බැලිමට ගොස් තිබුණි.

අනතුරුව මෝටර් රථයෙන් බසිමින් මාධ්‍යවේදීන් අමතා හිටපු ජනපති කියා සිටියේ
“දේශපාලනඥයින් හිර කරන්න පුළුවන් නමුත් ජනතා මතය හිර කරන්න බැහැ” යනුවෙනි.

ඒකාබද්ධ විපක්ෂයෙක් කිසිවෙකුත් ආණ්ඩුවට එකතුනොවන බවත්, ඒකාබද්ධ විපක්ෂය ඒ ආකාරයෙන්ම තිබෙන බවත්,මාධ‍්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කියා සිටියේය.

මේ අතර අලුත් පක්ෂය ගැන කළ ප්‍රශ්න කිරීමකදී හිටපු ජනපති කියා සිටියේ “වේලාව එනකම් ඉන්න” යනුවෙනි.

Related posts

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday

“මහා නියගයක් අනිවාර්යයි.. වැස්සොත් වාසනාව“ – ඇමති දෙපොළක් අනතුරු අගවයි

colombotoday

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි..

Admin

පාතාලයෙන් උදෙන්ම වෙඩි තැබීමක්

Admin

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

colombotoday

අනිත් ජනාධිපතිවරු වගේ නෙවෙයි.. මම කාටත් ඇහුම්කන් දීල රටේ අවශ්‍යතාවය වෙනුවෙන් තීරණ ගන්නෙ

colombotoday