Colombo Today Local News

“රැදවුම්භාරයේ ඉන්න අලි පෙරහැරට දෙන්නෙ නෑමයි.. අනාථාගාර හදල බෝ කරල දෙනව” සජිත්

sajith

පසුගිය රජය සමයේ කැලෑවලින් අල්ලාගෙන විත් රදවාගෙන සිටි, දැන් වනජීවී දෙපාර්තමේන්තු භාරයට ගෙන සිටින අලි ඇතුන් පෙරහැරවල් සදහා කිසිසෙත්ම ලබා නොදීමට රජය තීරණය කර ඇති බව නිවාස ඉදිකිරීමේ ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පින්නවල වැනි අලි අනාථාගාර ස්ථාපනය කර අලින් අභිජනනය කර පෙරහැරවල්වලට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ඇමතිවරයා පවසයි.

ගන්නෝරුව ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අතර හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංගමය පවසන්නේ පෙරහැර කටයුතුවලට සහභාගී කරගත් අලි ඇතුන් විශාල පිරිසක් මේවන විට අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින බවත්, ඒ හේතුවෙන් දළදා පෙරහැර පැවැත්වීමට අවශ්‍ය අලි ඇතුන් ලබා ගැනීමේ දුෂ්කරතාවක් පැණ නැගී ඇති බවයි.

දැනට වනජීවී භාරයේ රදවාගෙන සිටින අලි ඇතුන් 15 දෙනෙකු එම හිමිකරුවන්ට නැවත ලබා දෙන ලෙස පසුගිය මැයි 24වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නි‍යෝගකර තිබුණා.

Related posts

ජාතික රූපවාහිනි, ITN, සැලසිනේ මුල් පුටු වෙනස් කෙරේ

colombotoday

මතට ලොල් පුතා මව ඉදිරියේ තාත්තා මරා ගිනි තියලා

colombotoday

පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ

Admin

සුදුසුකම් නැති පළාත් පාලන කොමසාරිස්වරුන් පන්නයි.

Admin

එජාපය පික්පොකට් ගැහුවේ වතු කම්කරුවන්ගේ අර්ථසාධකයයි

colombotoday

ඇමති විජේදාසට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි !

colombotoday