Colombo Today Local News

නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

ජාතික මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

ඒ, පසුගිය දා එම කොමිසමේ සමාජිකයින් වැඩ භාර ගැනීමෙන් අනතුරුවයි.

අද පැවැත්වෙන රැස්වීමේදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

ලබන වසර සඳහා වන ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනයේදී සාකච්ඡාවට ලක් කරන බව ඔහු පැවසුවේ ය.

මීට අමතරව මැතිවරණවලදී පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම, විදේශගතව සිටින පුද්ගලයින්ට ඡන්ද අයිතිය ලබාදීම මෙන්ම මැතිවරණ වියදම් පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නීති පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳව ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී කරුණු සමාලෝචනය කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

සියලු පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

colombotoday

සියල්ල හෙළිවේ.. ඇලෝසියස්ට හලෝ කීව අයගේ ලිස්ට් එක පාර්ලිමේන්තුවට

colombotoday

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

Admin

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

colombotoday

CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

ලසන්ත ඝාතන සැකකරුවන් මෙන්න… දැක්කොත් පොලීසියට කියන්න (PHOTOS)

colombotoday