Colombo Today Local News

බෝගස්වැව ගිලින්න හැදූ සැළසුම හෙළිවී බදුර්දීන් කුලප්පු වෙයි..

bogasweva3

උතුරු පළාතේ පිහිටි එකම සිංහල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශය වන වව්නියාව දකුණට අයත් බෝගස්වැව, නාමල්ගම ගම්මානය මුස්ලිම්කරණය කිරීමේ සැළසුම පිලිබදව පෙරේදා ColomboToday වෙබ් අඩවියෙන් කළ අනාවරණය සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව ඔහුගේ අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වනවා.

බෝගස්වැව කළාපය මුස්ලිම්කරණය සදහා තමන්ගේ සැළසුම හෙළිවීම සම්බන්ධයෙන් උරණ වී ඇති බදුර්දීන් ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් තම පක්ෂයේ නිලධාරීන් සමගද සාකච්ඡා කර ඇති අතර අදාළ තොරතුරු පිටට දුන්නේ කවුරුන්දැයි සොයා බලන ලෙසද තම හිතවතුන්ට දන්වා ඇත.

මේ අතර අදාළ පුවත සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සභාපතිත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන වී.විජයතිලක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ “බෝගස්වැව නාමල්ගම ගම්මානයේ කිසිදු මුස්ලිම් පවුලක් පදිංචි කර නොමැති බවත් ඇතැමුන් ජාතික සංහිදියාව බිද දමමින් රිෂාද් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙනයන බවයි.

ඇමති බදුර්දීන්ගේ සුවච කීකරු ගෝලයකු වන විජේතිලක මන්ත්‍රීවරයා අදාළ පුවත සම්බන්දයෙන් වළිගය පාගාගෙන මාධ්‍යට ප්‍රකාශ නිකුත් කර ඇති අතර, මේ වන තුරු නාමල්ගම ගම්මානයේ මුස්ලිම් ජනතාව පදිංචි කර ඇති බව එම පුවතින් අප පවසා නැත. අදාළ පුවතින් අප අනාවරණය කර තිබුණේ බෝගස්වැව සිංහල ජනතාවගේ දරිද්‍රතාවය ඇපයට තබාගනිමින් බදුර්දීන් ඇමතිවරයා විසින් එම ගම්මාන කළාපය මුස්ලිම්කරණය කිරීමේ සදහා ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සැලසුම්ක් පිළිබදවයි.

කෙසේ වෙතත් හොරාට පෙර කෙහෙල්කැණ වැට පැනීම සම්බන්ධයෙන් අප සතුටුවන අතර අමාත්‍ය බදුර්දීන්ගේ වරදාන වලට යටවී ඔහුගේ ජාතිවාදී ක්‍රියාකලාපයට රුකුල් දෙමින් සිංහල ජනතාවට එරෙහිව ක්‍රියාත්මකව සිටින විජේතිලක මන්ත්‍රීවරයාගේ දූෂණ අක්‍රමිකතා පිළිබදවද ඉදිරියේදී ජනතාව හමුවේ හෙළිදරව් කිරීමටද ColomboToday කටයුතු කරනු ඇත.

Related posts

බැදුම්කර බෑණා HDFC බැංකුවත් හොර පාරෙන් මිලදී ගන්න යයි !

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා

Admin

පාස්කු කොම්සමේ එවුන්ගේ මොළය පරීක්ෂා කළ යුතුයි. විවාදයකට වරෙල්ලා. – කථිකාචාර්ය දිලන්ත විතානගේ

colombotoday

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියාටත් මාංචු.. ත්‍රස්‌තවාදයට සැප දී රණවිරුවන් දඩයම දිගටම !

colombotoday

මෙමරි කාඩ්පත නැවත ලබා දෙන්නට අල්ලස් ගත් නාකොටික් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday