Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

පොලීසිය පැවසුවේ, මේ වන විට සැකකාර නියෝජිතවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.

සැකකරුගේ කාර්යාලය හා නිවස මේ වන විට පරීක්ෂා කර ඇති අතර ඔහු එම ස්ථානවල නොසිටි බව පොලීසිය පවසයි.

නෞකාවේ මෙරට නියෝජිතවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් මත ක්‍රියාකරන බව පොලීසිය පැවසී ය.

මේ අතර නෞකාව ගිනිගැනීමෙන් බලපෑමට ලක්ව මියගිය බවට සැකකරන කැස්බෑවන්ගේ ඩොල්ෆින් සත්ත්වයින්ගේ මරණ පරීක්ෂණ සිදුකල වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

පොලීසිය පැවසුවේ, අදාළ මරණ සම්බන්ධ ඉදිරි විමර්ශන රසායනාගාර වාර්තා නිකුත් වීමෙන් පසු සිදුකෙරෙන බවයි.

Related posts

මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

colombotoday

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

මෛත්‍රී – මහින්ද ඝාතන සැලසුම ගැන කී ඉන්දියානුවා මානසික ලෙඩක් – ඉන්දීය තානාපති කාර්යාලය කියයි

colombotoday

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

colombotoday

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනෙන් හමු වූ කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Admin