Colombo Today Local News

“අපි නව රැකියා පනස්දාහක් බිහි කළා.. තේ වතු, මැණික් පතල්, ගාමන්ට්වල රැකියා ඕන තරම්.. දැන් ඉන්න උන් ඒවට කම්මැලියි” – රාජ්‍ය ඇමති සුජීව

sujeewa senasinghe

පුද්ගලික අංශය සමග එක්ව නව රජය රට තුළ නව රැකියා අවස්ථා 50.000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇතත් එම රැකියා ලබාගැනීමට තරුණ තරැණියන් උනන්දු නොවන බව අන්තර්ජාතික වෙළද කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයිත

‘නව රැකියා පනස් දහසත් ලක්ෂයක් අතර සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඊයේ මගේ කාර්යාලයේ මහජන දිනය පැවැත්වුනා. හැමෝම ඉල්ලන්නේ ආණ්ඩුවේ රස්සාවල් . කම්මැළිව ඉඳ ගෙන ඉන්න තමයි ඔක්කොම කැමති’රාජ්‍ය ඇමතිවරයා පවසයි.

තේ, මැණික්, ඇඟලුම්, විදුලි උපාංග හා ඉදිකිරීම් වැනි කර්මාන්තවල ඇබෑර්තු රැසක් ඇතත් ඒවා ලබාගැනීමට තරුණ තරුණියන් උනන්දු නොවන බව පවසන අමාත්‍යවරයා එම රැකියාවලින් හොඳ වැටුප් තත්වයක් ලබාගත හැකි බව පෙන්වා දෙයි.

‘එම මට්ටමේ වැටුප් වලටම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් විදේශ ගත වෙනවා අලසකමට. කර්මාන්ත ශාලාවල වැඩ කරන්න කැමති නැහැ. චීනයේ සහ කොරියාවේ පවතින වෙනස ඒකයි. ඒ රටවල ජනතාව මහන්සි වෙලා වැඩ කරන්න කැමතියි’ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වර්තමාන රජය සංවර්ධන කටයුතුවල නොයෙදෙන බවට විපක්ෂය නගන චෝදනාව ප්‍රතික්ෂේප කල සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ තම රජයටත් අවශ්‍ය නම් ණය ලබාගෙන රටට වැඩක් නොමැති කොන්ක්‍රීට් ව්‍යාපෘති ඉදි කළ හැකි බවයි.

‘මේ රටට ආදායමක් ලැබෙන රටට වැඩක් ඇති ව්‍යාපෘති හැර කොමිස් ලැබෙන නිසා අපි ව්‍යාපෘති ආරම්භ කරන්නේ නැහැ’ඇමතිවරයා පවසයි.

Related posts

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday

පුංචි ඡන්දයට ජවිපෙ නෑ ! නව ඡන්ද ක්‍රමය ගේන්නේ අපිව දේශපාලනයෙන් ඉවත් කරන්නයි

colombotoday

සහරාන්ට ත්‍රස්තයන් එවූ මහාචාර්ය ලුක්මාන් තාල්බ් ගැන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ඒකාබද්ධ විමර්ශනයක්

colombotoday

බොරැල්ලේ නිවසකට කඩා වැදි තිදෙනෙක් තරුණයෙකු කපා කොටා ඝාතනය කර‍ලා

Admin