Colombo Today Local News

මහ විනාශයකට කොටියා කුරුමාණම් අල්ලලා.. අත්අඩංගුවට ගත්තේ මාසයක මෙහෙයුමකින් !

චාවකච්චේරි, මරවනපුලව් ප‍්‍රදේශයේදි ඊයේ (30) සොයාගත් පැති බෝම්බ දෙකක් යැයි පවසන පුපුරණ ද්‍රව්‍ය මැග්නටික් (කාන්දම්) බෝම්බ දෙකක් වන බවට බෝම්බ විශේෂඥයින් තහවුරු කොටගෙන තිබෙනවා.

අදාළ බෝම්බ වාහනවල ඉන්ධන ටැංකියට අලවා දුරස්ථ පාලක මගින් පුපුරවා හැරීමේ හැකියාවක් පවතින අතර, සැකකරු විශාල විනාශයක් සිදු කිරීම වෙනුවෙන් අදාළ බෝම්බ එක්රැස් කොට ඇති බැව්ද විශ්වාසවන්ත ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසනවා. ආරක්ෂක අංශ ආරංචි මාර්ග පැවසූවේ අදාළ මැග්නටික් බෝම්බ මගින් විශාල විනාශයක් සිදු කිරීමට හැකියාව පවතින බවයි.

අදාළ මැග්නටික් බෝම්බ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශ වලට පවා නිශ්ක‍්‍රීය කිරීමට අපහසු වි ඇති බැව්ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසනවා.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබි.එෆ් ප‍්‍රනාන්දු මහතාගේ නියෝග මත, යාපනය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබි.කේ. කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධීක්ෂණය මත, යාපනය කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ මාසයක පමණ කාලයක් අදාළ සැකකරු හා භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු කොට ඇති බැව්ද ආරක්ෂක අංශ පවසනවා.

අදාළ නිළධාරීන්ගේ තීක්ෂණ බුද්ධිය හමුෙවි සැකකරු ඇතුලූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය හා මැග්නටික් බෝම්බ සොයා ගැනීමට හැකි වු අතර, සිදුවීමට ගිය මහා විනාශයක් වළකා ගැනීමට හැකියාව ලැබී ඇති බැව්ද ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා.

අදාළ බෝම්බ සමග අත්අඩංගුවට ගත් සැකකරු පාසල් සමයේම එල් ටි ටි ඊ සංවිධානයට එක්වි ඇති අතර, කාන්තාවන් තිදෙනෙකු සමග සබධතා පවත්වා ඇති බැව්ද ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන තිබෙනවා.

සැකකරු පුනරුත්තාපනය නොලබා ඇති අතර, ආරක්ෂක අංශ මග හැර සැඟව සිට ඇති බැව්ද ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන තිබෙනවා.

අදාළ සිදුවීම ආවරණය කිරීම උදෙසා චාවකචිෙචිරි පොලිසිය වෙත උතුරේ මාධ්‍යෙවීදීන් රැසක් ඊයේ(30) උදැසන සිට පැමිණ සිට අතර,කොළඹ සිට පැමිණි ආරක්ෂක අංශ කණ්ඩායමක් අදාළ ආවරණය සඳහා කිසිදු අවකාශයක් ලබානොදීම හේතුවෙන් මාධ්‍යෙවීදීන් දැඩි අපහසුතාවයටද පත්ව තිබුණා.

නෙත් FM

Related posts

නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක දෙකකට සීමා වෙයි

Admin

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday

සතියකින් ලොහාන් රත්වත්ත හිරේ නොදැම්මොත් පොලිස්පතිට නඩු

colombotoday

වලපනේ තවත් භූ කම්පනයක්

colombotoday

ජනපතිට එරෙහිව නිව්යෝක් නුවර උද්ඝෝෂණ… ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී රාජ්‍යක් ලෙස නම් කරන්න ඉල්ලයි…

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday