Colombo Today Local News

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි

ත්‍රිකුණාමලට තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ජනතාවට පරිශීලනය කිරීම සඳහා මේ වන විට වෙබ් අඩවි කිහිපයකට ඇතුළත් කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

සිව් පාර්ශවීය ගිවිසුමක් වන මෙයට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී ඉකුත් 6 වැනිදා සිදුවිය.

ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ටි්‍රන්කො පෙට්‍රොලියම් ටර්මිනල් සමාගම මෙම ගිවිසුමට අත්සන් තැබූ පාර්ශවයන් වේ.

බලශක්ති අමාත්‍යවරයාගේ වෙබ් අඩවිය වන www.udayagammanpila.com, බලශක්ති අමාත්‍යාංශ වෙබ් අඩවිය වන www.energymin.gov.lk සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෙබ් අඩවිය වන www.ceypetco.gov.lk ඔස්සේ මෙම ගිවිසුම පරිශීලනය කළ හැකි අතර එම ගිවිසුම ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

‘දඹුලු විහාරය වසා දැමීම නීති විරෝධීයි‘ – විහාරාධිපති හිමියන්ගෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

COVID -19 එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනපතිගේ ප්‍රශංසාවට

colombotoday

“පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ”

Admin

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන ලෙස ජනපතිට දන්වයි

Admin

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

colombotoday