ArticlesColombo Today Local News

භික්ෂූන් වහන්සේලා තොග පිටින් සිරගත කිරීම පිටුපස බොදු විරෝධී දේශපලකයින්

hela bodu saviya

රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස අවම තරමින්වත් ලබා දීමට මේ ආණ්ඩුව අපොහොසත් වෙමින් පවතින බව හෙළ බොදු සවිය සංවිධානය පවසයි.

මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සිංහල බෞද්ධ හදවත් රිදවීම..

ගලගොඩඅත්තේ ඥාණාසර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අධිකරණයට අපහාස කළා යැයි චෝදනා මත සිරභාරයට පත්කොට තෙවැනි වරට ද රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. මෙලෙස බන්ධනාගාර ගත කොට ඇති භික්ෂූන් වහන්සේලා නිතර සමාජයේ කතාබහට ලක් වූයේ රට ජාතිය ආගම හමුවේ සිදු වූ අසාධාරණකම් පදනම් කරගෙනය. බොහෝවිට උන්වහන්සේලා ක්‍රියාකාරී ලෙස කටයුතු සිද්ධ කලේ සාධාරණත්වය මත පදනම්ව මිස හුදෙක් ආත්මාර්ථකාමී අරමුණු පෙරදැරි කරගෙන නොවෙති.

පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුව ද මෙලෙස හිතුවක්කාරී ක්‍රියා සිදු කළ බව නොරහසකි. සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක්වූ ඔවුන් සිය බල පරාක්‍රමය පෙන්වීමට කටයුතු කලේය. එම නිසා සිරභාරයට පත් භික්ෂූන් වහන්සේලා කෙසේ වෙතත් අප රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළේ එවැනි අසංස්කෘතික ක්‍රියාවන්ගෙන් මෙරට මුදවා ගැනීම පිණිසය. නමුත් දැන් දැන් සිදුවන දෑ විමසා බැලීමේ දී රාජපක්ෂ ක්‍රියාවලිය එලෙසම සිදුවන්නේ යැයි සිතේ. යහපාලනය බිහිකිරීම සදහා බලයට පත් වත්මන් ආණ්ඩුව යහපාලනය හෙවත් වගවීම යන මූළධර්මයන්ට පටහැනි ලෙස ක්‍රියාත්මක වෙමින් දැන් ප්‍රතිවිරුද්ධ මතවාදයන් ඛණ්ඩනය කිරීමට සැරසෙමින් සිටි. එයින් පෙන්නුම් කරනුයේ රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස අවම තරමින්වත් ලබා දීමට මේ ආණ්ඩුව අපොහොසත් වෙමින් පවතින බවය.

අධිකරණයට අපහාස කළා යැයි චෝදනා ඉදිරිපත් කරමින් සිරභාරයට ගන්නා වූ සමාජ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම සිරකර තබනුයේ මන්දැයි පැහැදිලි සැකයක් මතුකරවන්නකි. රටේ අනෙකුත් බරපතල සිද්ධිදාමයන් තුළ සිදුවන අධිකරණ ක්‍රියාවලින් සමග මෙය සසදා බැලීමේ දී කිසියම් දේශපාලනික හස්තයක් අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කරමින් සිටින්නේ දැයි සැක මතු වේ. එසේම මෙම භික්ෂුන් වහන්සේලා මෙලෙස හිර කිරීම පිටුපස සිංහල බෞද්ධ විරෝධී දේශපාලනඥයින් හා මෙරට ක්‍රිස්තියාණි, මුස්ලිම් අන්තවාදී පිරිස් ද ඒ හා සමගාමීව සිංහල බෞද්ධ වේශයෙන් පෙනී සිටින අන්තවාදී කල්ලි කණ්ඩායම් ද සමහර ශාසනමාමක යැයි පවසා ගන්නා භික්ෂූන් වහන්සේලා ද සිටින බව දැන් අපට පෙනී යන කරුණක් වී ඇත. අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජය මෙරට පාලකයින්ගෙන් ඉල්ලා සිටියේ එක නීතියක් එක රටක් යන සංකල්පය බලාත්මක කරන ලෙසයි. යහපාලන සංකල්පයක් ද වන එය ක්‍රියාත්මක නොකර ඇති හැකි අයට වෙනම නීතියක් හා තම මතයට ප්‍රතිවිරුද්ධ බලවේගයන්ට හා පුද්ගලයින්ට වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීමට මේ ආණ්ඩුව පෙළඹීම කණගාටුවට කරුණකි. ධනය බලය ශක්තිය ඇති පාලක පක්ෂයට ආ වඩන උදවියට මෙලෙස පක්ෂපාතී ලෙස කටයුතු කොට මෙරට ගාමක බලවේගයක් වූ බෞද්ධ භික්ෂුව සිරකොට තබා කටයුතු කිරීම මෙරට සමස්ත බෞද්ධ ප්‍රජාවගේම උදහසට ලක් වන්නක් බව සිහිපත් කළ යුතුය.

එමෙන්ම මෙරට නීති කටයුතුවල යෙදෙන නීතිඥයන් ද අවබෝධ කර ගත යුත්තේ යුක්තිය, අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටීම විනා තම පෞද්ගලික වෛරයන් පිරිමහ ගැනීමට සිය වෘත්තීය භාවිතා නොකළ යුතුය යන්නයි. අවසාන වශයෙන් අප බලධරයින්ගෙන් ඉල්ලා සිටිනුයේ සාධාරණත්වය හා යුක්තිය මත පදනම්ව සිරගත කොට ඇති භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වහා සාධාරණය ඉටු කරනා ලෙසය.

තෙරුවන් සරණයි!

බුදුගල ජිනවංස හිමි, සභාපති
පස්සරමුල්ලේ දයාවංස හිමි, සංවිධායක
සූරියවැවේ සුමේධ හිමි, උප සභාපති

බොදු විරෝධී දේශපාලන හස්තයක් ගැන ඥාණසාර හිමියන් කළ ප්‍රකාශයක්

Related posts

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

colombotoday

කෝකිලායි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට දෙමල සන්ධානයට බලයක් ලැබුනේ කෙසේද?

colombotoday

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග මැතිවරණ කොමිසම අද විශේෂ හමුවක්

colombotoday

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

Admin

ඉස්ලාම් අන්තවාදී තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday