Colombo Today Local News

රණවිරුවන් වෙනුවෙන් මේ ආණ්ඩුවේ කැපවීම උපරිමයි… ගිය ආණ්ඩුවෙන් වගේ හිරේ දාන්නෙ නෑ – සරත් අමුණුගම

amunugama

වත්මන් රජය රණවිරුවන් ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කැපවී සිටින බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය රණවිරුවන් සිරගත කළ ද වත්මන් රජයෙන් රණවිරුවන්ට කිසිදු ගැටලු වී නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් අමුණුගම අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

දුටුගැමුණු රජුගෙන් පසු මේ දක්වා බිහිවූ හොදම සෙන්පතියා සරත් ෆොන්සේකා මහතා බවත්, ඔහුට පසුගිය රජය සමයේදී කළ කී දෑ ගැන දැන් තමන් ඇතුළු සියයළු දෙනා ලැජ්ජාවී පාපොච්චාරණයක් කළ යුතු බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

යුද සමය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ රහස් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරියේදී හෙළි කරනු ඇතැයි අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එහිදී වැඩි දුරටත් පැවසූ අතර ලංකාව විසින් ගොඩනගා ගෙන ඇති විදේශීය මිත්‍ර සම්බන්ධතා නිසාවෙන් ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමිවන බවද සදහන් කළේය.

Related posts

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී‍ට නිකුත් කල සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලූ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin

මොරටුව අබ්බා STF වෙඩි කා නසී. ගෝලයින් හයකුත් අත්අඩංගුවට

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday