Colombo Today Local News

මෝටර් රථයක සිර වූ 17 හැවිරිදි සිසුවා මිය යයි

නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරවූ පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේ සිසුවාගේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවය.

එදින සිසුවාගේ නිවුන් සොහොයුරා සමඟ ඔහුගේ මව ජයවර්ධනපුර රෝහලට පැමිණ ඇති අතර වැඩිමල් සොහොයුරිය සහ පියා රැකියාව වෙත ගොස් තිබේ.

සිසුවාගේ මිතුරෙකු නිවසට පැමිණ සිසුවා නොමැති බව දැනගැනීමත් සමඟ ඒ පිළිබඳව දුරකථනයෙන් සිසුවාගේ පියාට දැනුම්දී තිබේ.

සිසුවාගේ මිතුරා පවසන්නේ නිවසේ ඉදිරිපස දොර ඇර රූපවාහිනියද ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් සැක සිතී ඒ පිළිබඳව ඔහුගේ පියාට දැනුම්දුන් බවය.

ඒ අනුව මියගොස් ඇති සිසුවාගේ පියා කඩිනමින් නිවස වෙත පැමිණ ඇති අතර එහිදී කළ සොයාබැලීමකදී නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළ සිරවී සිටි තම දරුවා දැක ඇත.

අනතුරුව කඩිනමින් දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත් එහිදී සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ ජය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

ගල්කිස්ස අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් මෝටර් රථය පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

පිළියන්දල පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්

colombotoday

නැගෙනහිරින් ඔස්ටීන් පන්නා බෂීර් සේගු දාවුද් ආණ්ඩුකාර ධුරයට පත්කරන්න හකීම් ඩබල් ගේමක

colombotoday

හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !

colombotoday

ජනමාධ්‍ය හා සංඛ්‍යා ලේඛනවලට වැඩිය විශාල රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමින් වාර්තා වෙනවා – කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක්

colombotoday

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

colombotoday

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

Admin