Covid 19

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

ඉන්දියාවේ හමුවී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය මුළු ලෝකයටම බලපෑම් ඇති කිරීමට හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම වෛරස් ප්‍රභේදය පළමුවෙන් හඳුනාගනු ලැබුවේ පසුගිය වසරේදීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ B.1.617 නම් එම විකෘති වෛරසය අනෙකුත් ප්‍රභේද වලට වඩා වේගවත් ව පැතිර යන බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කළයුතු බවත් මූලික පර්යේෂණ වලින් පෙන්වන බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වනවිට එම ප්‍රභේදය රටවල් 30කට පමණ පැතිර ගොස් ඇති බවය.

මේ වනවිට එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් ඇතිවූ තවත් ප්‍රභේද 3ක් හමුවී තිබේ.

පහසුවෙන් පැතිරයාමත්, රෝගියා ඉක්මනින් අසාධ්‍ය තත්ත්වයට පත්වීමත්, ප්‍රතිදේහ සඳහා ප්‍රතිචාර දැක්වීම අඩුවීමත්, ප්‍රතිකාර සහ එන්නත් සඳහා බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතිචාර නොදැක්වීමත් හේතුවෙන් ඉන්දීය වෛරස් ප්‍රභේදය “variant of interest” සිට “variant of concern” දක්වා ඉහළ දමා ඇත.

Related posts

21 වන කොරෝනා මරණය මහරින්

colombotoday

එක්වරක දී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වෙයි | දැනට කොරෝනා ආසාදිතයින් 3,051ක්

colombotoday

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday

රජයේ රෝහල්වල විකිරණවේදීන් 18කට කොවිඩ්.. කොළඹ රෝහලේ 13ක් | හදිස් අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සී.ටී. ස්කෑන් අංශ වැසෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 311 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday