Colombo Today Local News

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයකට බැර කිරීමට ගෙනා මුදල් රැගෙන පළා ගිය වෑන් රථ රියදුරෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) සවස 04.55ට පමණ පෞද්ගලික ආයතනයක් මඟින් ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් මුදල් රැගෙන ගොස් ඇත.

කපල්ල, දියතලාව ප්‍රදේශයේ දී එම වෑන් රථයේ සිටි නිලධාරීන් ATM යන්ත්‍රයකට මුදල් දැමීමට ගිය අවස්ථාවේ දී එහි රියදුරු වෑන් රථයේ තිබූ රුපියල් 17,419,700ක මුදලක් රැගෙන පළාගොස් තිබේ.

පසුව අඹේවෙල – රේන්දපොළ මාර්ගයේ රේන්දපොළ මංසන්ධියේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා කැප්පෙටිපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස්වලට

colombotoday

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

colombotoday

අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් : පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවෙන් නිර්දේශ

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin