Colombo Today Local News

තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අගවයි

රට තුළ සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා වු නිර්දේශ ඇතුළත් ලිපියක් එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමා කිරීම් දැඩි ලෙස බලාත්මක කළ යුතු බව එම නිර්දේශ අතර වේ.

එහිදී සෞඛ්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන බවට සමීපව නිරීක්ෂණය කිරීම සහ සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබේ.

එමෙන්ම ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් එන්නතක් ලබාදීමේ වැදගත්කම ද එම සංගමය නිකුත් කළ නිර්දේශ අතර වේ.

වැඩිහිටියන් ට කොවිඩ් -19 ආසාදනය වීමේ අවදානම වත්මන් තත්ත්වය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.

එබැවින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත අවුරුදු 60ට අඩු රෝගීන් සහ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හට ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් මාත්‍රාව ප්‍රමාදයකින් තොරව ලබාදිය යුතු බව ද වෛද්‍ය සංගමය නිකුත් කළ නිර්දේශ අතර වේ.

සංවෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ආගමික උත්සව, අවමංලග්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලාවල රැස්වීම් ආදියේ සංඛ්‍යාව සීමා කරමින් පොදු උත්සව සඳහා අදාළ රෙගුලාසි සම්පූර්ණයෙන් ම ලිහිල්කිරීම තවත් කාලයක් ප්‍රමාද කරන ලෙස රජයේ වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මීළඟ ආසාදන රැල්ල වැළැක්වීමට නම්, ආසාදනවල වැඩිවීමක් කලින් හඳුනා ගැනීම අතිශයින් ම වැදගත් බවත්, සුපරීක්ෂාකාරීව කොවිඩ් ආසාදනය වී ඇති මට්ටම නිරීක්ෂණය කිරීම රජයට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව උදා කරනු ලබන බවත් එම ලිපිය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර තිබේ

Related posts

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin

“බැඳුම්කර වංචාවෙන් වාර්ෂිකව මිලියන 5200ක ශුද්ධ ලාභයක් රජයට අහිමියි“ – බැසිල්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

Admin