Covid 19

වෛද්‍ය පද්ම ශාන්ත කොවිඩ් ආසාදනයෙන් මිය යයි

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත මහතා ඊයේ (09) දින ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙදරු පියෙක් වන වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් වෛරසයෙන් ජනතාව බේරාගැනීමට බොහෝ කැපවී සේවය කළ අයෙකි.

සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව ඒ මහතාගේ අවසන් කටයුතු අද (10)දින මහනුවර, මහයියාව ආදාහනාගාරයේ දී සිදුකෙරිණි.

එම වෛද්‍යවරයා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ නොයෙකුත් තනතුරු දරමින් සේවය කර තිබේ.

මේ අතර කෑගල්ල මහ රෝහලේ ගැබිනි වාට්ටුවේ හෙදියක් ඇතුළු හෙද කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ද කොවිඩ් ආසාදිත බවට වාර්තා වේ.

Related posts

ගාල්ලේ වෙළඳසැල් දින 14 ක් වසා දමයි.

colombotoday

තහවුරු කළ කොවිඩ් මරණ 41ක්

colombotoday

ඔක්සිජන් ටැංකි 17ක් ලබාගෙනත් කොවිඩ් මාරයා ගිලගත් රෝගියා

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

colombotoday

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday