Colombo Today Local News

“දේශීය සංස්කෘතිය, උරුමය වනසන්න කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ” – ජනපති කියයි

විජාතික සංස්කෘතීන් වැලඳගෙන දේශයේ අභිමානවත් සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ කිරීමට කිසිවකුටත්, කිසිවිටකත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. රටේ නීතියටත් වඩා සංස්කෘතීන්, සම්ප්‍රදායන්, සහ සිරිත් විරිත් බලවත් බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස හැමවිටම අපේකම, දේශීය සංස්කෘතිය, සිරිත් විරිත් හා පාරම්පරික උරුමයන් රැකගත යුතු බව පැවසීය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පෙරේදා (29) පැවති ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.

ලෝකයේ දියුණු රටවල් වලට නැති මහා ඉතිහාසයක්, සංස්කෘතියක් අපේ රටට තිබෙනවා. නමුත් ලෝකයේ දියුණු රටවලට එවැනි දීර්ඝ ඉතිහාසයක් හා සංස්කෘතියක් නැහැ. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ ඉතිහාසය හෝ ඉතිහාස සංස්කෘතීන් පිළිබඳව බොහෝ දේ කතා කරන්න බැහැ.

අපිට නොගැලපෙන දේ වැළඳ ගැනීමෙන් අපි අපේ දේවල් වල වටිනාකම් අඩු කර ගන්නවා. නමුත් සිදුවිය යුත්තේ අපේ වටිනාකම් අපි වැඩිකර ගැනීමයි. ඒ සඳහා කළ යුතු වන්නේ දේශීය දේ ඇගයීමට, ප‍්‍රචලිත කිරීමට සහ ඊට අත හිත දීමයි. අපේ දේශීය දේ සඳහා විදේශ වෙළෙද පොලේ වැඩි වටිනාකමක් තිබෙනවා. ඒ නිසා එසේ කළ යුතුමයි.

මෙම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී සිටියා.

Related posts

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

හෙළ උරුමය පුංචි ඡන්දයට එජාපයෙන් !

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

අධ්‍යාපනය නංවන්න ඇමති අකිලගෙන් තවත් සුපිරි වැඩක්.. අම්මලාගේ පීඩනය අඩු කරන්න සාරියේ බර හෑල්ලු කරන්න තීරණයක් ගනී

colombotoday

රාජිත, චම්පික සජිත් හමුවෙයි… සහයදීමට එකගයි !

colombotoday