Colombo Today Local News

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරන්න යයි

ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලබන සතියේ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

දැනට සතියක කාලයකට ලීටර් 5ක කෝටාවක් ත්‍රිරෝද රථයකට හිමි වන අතර එය ප්‍රමාණවත් නොවන ලෙස සඳහන් කරමින් ත්‍රිරෝද රථ රියැදුරන් ඉකුත් සතියේ ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට සන්දේශයක් ද දී තිබිණි.

එසේ ම, මිල සූත්‍රයට අනුව ඉදිරියේදී ද කටයුතු කරන බව ත් දැනට ආනයනික ඉන්ධන සඳහා යම් සහනයක් ලැබී ඇති බව ත් එම සහනය ජනතාවට ලබා දෙන බව ත් අමාත්‍යවරයා පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව වැසී යාම හේතුවෙන් භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කිරීමට නොහැකි වීම මත එම ඉන්ධන ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර යි.

Related posts

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

18 දා අලුත් ආණ්ඩුවක්… එජාපයේ 24ක් පිම්මකට සැරසෙයි… බහුතරය පෙන්වන්න මහින්ද සූදානම් !

colombotoday

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා

colombotoday

ගම්පහ දැවැන්ත පිපිරීමක්

Admin

දරුවන් අතරේ සුලභව පැතිරෙමින් පවතින තවත් රෝගයක්

colombotoday