Colombo Today Local News

පොලිස් බාරයේ තිබූ යතුරු පැදියක් පොලිස් කොස්සා රුපියල් 10,000කට විකුණලා…

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිස් භූමියේ නවතා තිබු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් රුපියල් 10,000 ක මුදලකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අලෙවි කර තිබු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති බවද පොලිසිය කියයි.

මිරිහාන මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් ඉකුත් 08 දින රථවාහන වරදක් සම්බන්ධයෙන් මෙම යතුරු පැදිය පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නඩු භාණ්ඩයක් වශයෙන් එය පොලිස් භූමියේ රඳවා සිට ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ හිතවතකුට රුපියල් 10,000ක මුදලට මෙම යතුරු පැදිය ලබා දී ඇති බවත්, සැකකරු ලොරි රථයක් රැගෙනවත් කොස්තාපල්වරයාගේ සහයෙන් යතුරු පැදිය රැගෙන ගොස් ඇති බවද වර්තාවේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරු ඉහත යතුරු පැදිය උපයෝගි කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන වෙත තොරතුරු ලැබී තිබු බවත්, ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබු බවද වර්තා වේ.

පෙරේදා (14)දින මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සමග අත්අඩංගුවට ගෙන ඉහත යතුරු පැදිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ඉහත තොරතුරු හෙළිකරගෙන ඇත.

පොලිස් භූමියේ රැඳවා තිබු එම යතුරු පැදියද නිවසක සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.

මිරිහාන මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

බුදුපිළිමයක් පොළොවේ ගසා කුඩු කළ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

colombotoday

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලන් චප්ප කරන එක හොද නෑ

colombotoday

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

Admin