Colombo Today Local News

කුරුණෑගලින්, නුවරින්, කොලොන්නාවෙන් හා දෙහිවලින් ශ්‍රී ලාංකිකයන් 45ක්‌ ISIS ගිහින්

ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත.

මෙරට අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට හිතවත් ත්‍රස්‌ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාට රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී ඇත.

බොහෝ දෙනා විශ්වාස කළේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට සහය පළකරන පිරිස්‌ නැගෙනහිර පළාතේ සිටින බවයි. නමුත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ අයි. එස්‌. අයි. එස්‌. හිතවාදීන් බිහිව ඇත්තේ කුරුණෑගල, නුවර, කොලොන්නාව හා දෙහිවලින් බවයි.

චතුර පමුණුව

Related posts

නෞකාව කළ හදියෙන් ජිවන මග කඩා වැටුන ධීවරයින්ට රජයෙන් රු. 5000ක්

colombotoday

පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය යි. – ඇමති අලුත්ගමගේ

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin

දඹුල්ලේ සියලු පාසල් හෙට සිට සතියකට වැසේ

colombotoday

අතින් පයින් පහරදුන් එරාවුර් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

colombotoday

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday