Colombo Today Local News

අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයේ පාසල් දැරියක් පදික මාරුවෙදී ගැටෙයි

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ, පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි දැරියක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ (31)දින සවස 4ට පමණ එම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කොටගල ස්ටොනික්ලිප් වතුයායේ පදිංචි 10 වන ශ්‍රේණියේ අධ්‍යාපන ලබමින් සිටින පාසල් සිසුවියකි.

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථය පාසල් දැරියගේ ගැටී ඇය අඩි කිහිපයක් ඉදිරියට ඇදී ගොස් තිබේ.

පසුව බරපතළ තුවාල ලැබු දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඉදිරිපත් කර ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරු කොටගල නගරයේ ව්‍යාපාරිකයින් විසින් අල්ලා දිඹුල පොලීසියට බාර දී තිබේ.

පසුව අත්අඩංගුවට ගත් රියදුරු අද (01) දිනයේ නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

Facebook එකෙන් ‘සංහිදියාව‘ බිදින අය හොයන්න පොලිසියෙන් විශේෂ කණ්ඩායමක් !

colombotoday

අගමැතිගේ යෝජනාව ජනපති ස්ථීර කරයි.. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති තනතුරට

colombotoday

දමිතා අබේරත්නට ඇප

colombotoday

ඒවා ගනන් ගන්න ඕන දේවල් නෙමෙයි

Admin

කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday