වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඇයට රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඊයේ (31)දින පස්වරුවේ පිසිආර් පරීක්ෂණයක් සිදුකර තිබූ එහි ප්‍රතිඵල අද (1)දින උදෑසන ලැබී තිබිණි.
ඒ අනුව ඇය රෝහල් ගත කර ඇති අතර ඇයගේ අමාත්‍යාංශය ලේකම් කාර්යාලය වසා දමා තිබේ.
මේ අතර ජයවර්ධන මහත්මියට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද අද (1)දින දිනයේ පිසීආර් පරික්ණෂණයක් කර ඇති අතර එහි වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිතය.