Colombo Today Local News

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

ජනාධිපතිවරයා පත්කර ඇති ජාතික ප්‍රසම්පාදන අභියාචනා කමිටුව විසින් මේ වසර සඳහා සුරක්‍ෂා රක්‍ෂණාවරණය ලබා දීමට ඒතතඪචදල ලංකා රක්‍ෂණ සමාගම නිර්දේශ කර තිබියදී ඔවුන් සමඟ ගිවිසුම් ගත වීම තාවකාලිකව නතර කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අධ්‍යාපන ලේකම්වරයාට ලිඛිත දැනුම්දීමක් කර ඇති බැවින් සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ සිසුන් වෙත ලබාදීම ඇනහිටින තත්ත්වයක් උද්ගත වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙරට හතළිස් පන් ලක්‍ෂයකට අධික පාසල් දරු දැරියන් වෙනුවෙන් ස්ථීර සෞඛ්‍ය පහසුකම් සැලසීම සඳහා සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණය ආරම්භ කළ බවත් ඊට අමතරව දූ දරුවන්ගේ මවුපියන්ගෙන් කෙනකු අහිමිවීමකදී ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා වන්දි මුදලක් ලබාදීම, සාමාන්‍ය ලෙස රෝග සඳහා ද හදිසි අනතුරුවලදී ඇතිවන ස්ථීර ආබාධ සහ පාර්ශ්වීය ආබාධ සඳහා ද, වෛද්‍ය පරීක්‍ෂණ, බාහිර ප්‍රතිකාර සහ හදිසි ශල්‍යකර්ම සඳහා ද සුරක්‍ෂා
රක්‍ෂණාවරණයෙන් අවශ්‍ය මුදල් ගෙවීම අරමුණ වූ බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

පසුගිය වසරේ සුරක්‍ෂා රක්‍ෂණාවරණයට අදාළව රජය විසින් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට ගෙවනු ලැබූ මුදල නැවත විදේශ සමාගමකට ප්‍රතිරක්‍ෂණය කිරීම හේතුවෙන් රුපියල් බිලියන දෙකකට අධික මුදලක් රජයට අහිමි වූ බවට මතු වූ මතය සහ රක්‍ෂණ වන්දි ලබා දීමේදී එම අගය වූ වාරිකයෙන් සියයට 20කටත් අඩු ප්‍රතිශතයක්ව පැවැතීම හේතුවෙන් එම වන්දි ප්‍රතිශත අගය ඉහළ නැංවීම සම්බන්ධව අවධානය යොමු කළ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත මෙවර සුරක්‍ෂා රක්‍ෂණාවරණය පිරිනැමීමේදී ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කළ බව ද එම නිවේදනය පෙන්වා දෙයි.

වැය කරන මුදලට සරිලන අයුරින් උපරිම ප්‍රතිලාභ දරුවන් වෙනුවෙන් හිමිකර දීම අරමුණු කරගනිමින් 2018/19 වර්ෂයන් සඳහා අදාළ නව රක්‍ෂණ සැපයුම්කරුවකු තෝරා ගැනීමට විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ලංසු කැඳවීම සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත් බව ද එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ පෙර අනුමැතිය යටතේ 2018/19 වර්ෂය සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමට තීරණය කළ පසු අදාළ මිල ගණන් කැඳවන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව රුපියල් බිලියන 1.85ක ලංසුවක් ඉදිරිපත් කළ අතර ඒතතඪචදල ලංකා රක්‍ෂණ සමාගම තම ලංසුව රුපියල් බිලියන 1.63ක් ද වශයෙන් ඉදිරිපත් කර තිබුණු බව එහි දැක්වේ.

ඒතතඪචදල රක්‍ෂණ සමාගම ඉදිරිපත් කළ ලංසුවේ ඔවුන් රක්‍ෂණ වාරිකයෙන් සියයට 85කට වඩා ප්‍රතිලාභ දරුවන්ට ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඇත්ත වශයෙන්ම ගෙවනු ලැබූ වන්දි මුදල හා මුළු රක්‍ෂණ වාරිකය අතර ඇති වෙනසට සමාන මුදලක් රජයට ගෙවීමට එනඟව තිබුණි. ශ්‍රී ලංකා

රක්‍ෂණ සංස්ථාව එකඟවී තිබුණේ සියයට 75ක් ඉතිරි මුදල් පරතරය රජයට නැවත ලබා දීමට යැයි එම නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

Related posts

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි බොරු පැතිරූ අයට වැඩ වරදී

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නෑ. – තෙල් හිගයක් නොමැති බව ඇමති කියයි.

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin