Colombo Today Local News

සිංහලයාගේ සමගිය තුලින් රටට එරෙහි බලවේග එකට තියා පරදවන්න හැකි වුනා. ලැබූ ජය සාමකාමිව සමරන්න – ඥානසාර හිමි පවසති.

සිංහලයාගේ සමගිය තුලින් රටට හතුරු බලවේග ඒක අන්තයකට කර පරාජය කිරීමට හැකිවූ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරණ ප්‍රථිපල පිළිබඳව colombo today සිදුකල විමසීමකදී අවධාරණය කර සිටියා.

සිංහලයාගේ සමගිය අගයකල යුතු බවත් සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවට තිබූ මිත්‍යා මතය මෙවර ප්‍රතික්ෂේප වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියා.

ලැබූ ජයග්‍රහණය ඉතා සාමකාමීව සැමරිය යුතු බවත් අන්‍ය ජාතීන්ට හෝ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ගේ සිත්රිදවිමකින් තොරව ජයග්‍රහණය සැමරිය යුතු බවත් සඳහන් කර සිටි ඥානසාර හිමි ඉතා සුළු සිද්ධියකින් උවද ලැබූ ජයග්‍රහණය ජාත්‍යන්තරය හමුවේ හෑල්ලු වීමට ඉඩ ඇති බැවින් එවැනි තත්වයකට ඉඩ නොතබා ක්‍රියා කරන ලෙස සමස්ත සිංහලයන්ගෙන් තමන්වහන්සේ ඉල්ලා සිටින බවත් සඳහන් කර සිටියා.

Related posts

ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

colombotoday

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

colombotoday

යල කන්නයේදී පළිබෝධනාශක මිල 100%කින් ඉහළට

colombotoday