Colombo Today Local News

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

හොංකොන් ජාතිකයන් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඊයේ  (22) දින මුද්‍රා තැබිමට හැටන් පොලීසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

හොංකොන් ජාතිකයන් දෙදෙනා මිට දින කිහිපයකට ප්‍රථම හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයකට පැමිණ නවාතැන් ගෙන ඇති අතර , ඒ පිළිබඳ සංචාරක නිකේතනයේ හිමිකරු විසින් හැටන් පොලීසියට හෝ සෞඛ්‍යය අංශ වෙත දැනුම් දිමක් කර නොතිබුණු බව හැටන් පොලීසිය පැවසිය.

සංචාරක නිකේතනයේ රැදි සිටි හොංකොන් ජාතිකයන් දෙදෙනාව අදාළ  සංචාරක නිකේතනයේ හිමිකරු විසින් ඔහුගේ මොටර් රථයේම (21) දින රාත්‍රි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා ප්‍රවාහනය කර ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් කරන ලද විමර්ෂනයකදි අනාවරණය වි තිබේ.

සංචාරක නිකේතනයේ හිමිකරුවන් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් එම නිවසේ පහළ මහලේ පදිංචි වි සිටින අතර , එම පවුලේ සමාජිකයන්ව හැටන් පොලීසියේ සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ඊයේ  (22) දින සිට දින 14 ස්වයං නිරෝධායනයකට යොමු කරනු ලැබුහ.

සංචාරක නිකේතනයේ හිමිකරුගේ මොටර් රථයද දින 14 ගත වන තුරු ධාවන කටයුතු සිදු නොකරන ලෙසට මොටර් රථයේ අයිතිකරුට හැටන් පොලිස් නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් උපදෙස් ලබාදෙනු ලැබිය.

Related posts

ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල් තබයි…

colombotoday

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

කහ, එනසාල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සිවු දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

උලමා සභාවේ බලය ලබා ගැනීම සඳහා තබ්ලික් ජමාත් සහ ඉහ්වාන් මුස්ලිම් අතර මතවාදී ගැටුමක්

colombotoday

ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර10,000ක් සිලින්ඩර් නැති පවුල් වලට මාර්තුවේ ගෙන්නයි

Admin

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin