Colombo Today Local NewsCovid 19

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මේවනවිට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් පදංචිව සිටින සහ ඔවුන් ගැවසී ඇතැයි සැක කෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට ප්‍රවේශමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය 23 සහ 25 දෙදින තුළ හඳුනාගෙන සිටින වෛරසය ආසාදනය වූවන් 10 දෙනෙකුම නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සාමාජිකයින් සහ ඔවුන්ට සම්බන්ධ පවුල්වල සාමාජිකයින් බවද වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

අනෙක් පිරිස වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිවාඩු ලබා පැමිණි අයවලුන් වන අතර ඔවුන් වාරියපොළ බණ්ඩාර කොස්වත්ත , වාරියපොළ කනත්තේවැව , අලව්ව මහාරච්චිමුල්ල , පොල්ගහවෙල උඩවෙල සහ පොල්ගහවෙල ගිජිඳාගම පදිංචිකරුවන් වෙති.

මොවුන්ට අමතරව මහව නාගොල්ලාගම පදිංචි තවත් නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවනවිට අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයින් තමන් පදිංචි ප්‍රදේශයන්හි ඇති වෙළඳසැල් , බැංකු ශාඛා , බැංකු ඒටීඑම් පද්ධති , සමූපකාර , සතොස , ඉන්ධන පිරවුම්හල් , සැලුන් , රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ස්ථාන වලට තම අවශ්‍යතා සඳහා ගොස් තිබෙන බව අනාවරණය වී ඇති බැවින් මෙම ප්‍රදේශ වල පිහිටි ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීමෙන් වළකින ලෙසට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියි .

Related posts

මාලදිවයිනේ බෑ… වලලන්න ඕනි ලංකාවේමයි. – අලි සහීර් මවුලානා කියයි

colombotoday

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

කසළ තේ අපනයන ජාවාරම්කරුවන් පිටුපස තේ මණ්ඩලයේ නිලධාරින්නුත් ඇද්දැයි විමර්ශන

colombotoday

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක රාජකීය විද්‍යාලය ඉදිරිපිට යකා නටයි !!

colombotoday

ජල නළ එළීමට කැපූ වළකට වැටී තරුණයෙක් ජිවිතක්ෂයට

colombotoday