Colombo Today Local News

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

මුදල් ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධව පවත්නා අවිධිමත් සහ නීති විරෝධි කටයුතු පිළිබඳව මහජන අදහස් ලබන 30 වන දිනට පෙර ලබා දෙන ලෙස මුදල් ව්‍යාපාර සහ මූල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධව සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව දැනුම් දෙයි.

මහ බැංකු අධිපතිවරයා විසින් පත් කළ අදාළ කමිටුව ඊයේ (22)දින දෙවන වරටත් රැස්වූ අතර එහිදී අදාළ කමිටුව මහජන අදහස් ලබා ගැනීමට තිරණය කර තිබේ.

ඒ අනුව මුදල් ව්‍යාපාර සහ මුල්‍ය කල්බදු ව්‍යාපාර සම්බන්ධ මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට සිවිල් සංවිධානවලට සහ මුල්‍ය ආයතනවලට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වෙයි.

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව,නොම්බර 30 ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ එක ලිපිනයට එම දැනුම්දිම් ලිඛිතව සිදුකළ හැකි වෙයි.

ඊට අමතරව dlcd@cbsl.lk හෝ dsmbfi@cbsl.lk යන විද්‍යුත් ලිපිනයන්ට ද යෝජනා හා අදහස් ඉදිරිපත් කළ හැකි බව මුදල් ව්‍යාපාර සහ මූල්යට කල්බදු ව්‍යාපාර සම්බන්ධව සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව සඳහන් කරයි.

Related posts

නව ව්‍යවස්ථාව ෆෙඩරල් තමයි! ෆෙඩරල් ව්‍යවස්ථාවේ ඇලවූ ඒකීය ලේබලයත් සම්බන්ධන් ගලවා විසි කරයි…

colombotoday

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

colombotoday

නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

colombotoday

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

colombotoday