Colombo Today Local News

ලක්ෂ 20ක් වූ සහෝදර හින්දු ජනතාව වෙනුවෙන් ‘හින්දු සම්මේලනය‘ ජනපතිගෙන් කරන ආයාචනය…

සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එළෙඹෙන පෙබරවාරි 4 නිදහස් දිනට පෙර ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලිපියක්, ජනාධිපතිවරයාට බාරදෙන ලෙස ඉල්ලා මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වෙත ශ්‍රී ලංකා හිංදු සම්මේලනය විසින් අද ජනවාරි 17 බාර දෙන ලදි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා හිංදු සම්මේලනය වෙනුවෙන් එහි සභාපති නාරා. ටී. අරුන්කාන්ත් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක් විය.

එම ලිපිය පහත දැක්වේ

අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි හට පොදු සමාව ලබාදීම සම්බන්දවයි.

ශ්‍රී ලංකාව බෞද්ධ රටකි. අප රටේ හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, මැලේ යන අයවරුන්ට තම තමන්ගේ ආගමික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩප්‍රස්ථාව සලසා දී ඇත. මෙය හින්දු සම්මේලනයේද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියකි.

ඔබතුමා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීම තුළින් බෞද්ධ දර්ශනයටත් එම දර්ශනයේ ස්ථීරතාවයටත්, චින්තන වර්ධනයටත් විශාල දායකත්වයක් ලබා දී ඉතිහාසයේ නොමැකෙන ස්ථානයක් ලබාගෙන ඇත. ලංකාවේ පුරවැසියන් විදියට මේ මහගු සේවය ඉතා ඉහළින් අගයන්නෙමු.

‘අප රටට කුමක් වුවත් අපට මොකද?“ යන මතයෙන් තමන්ගේ ආගමික දර්ශනයේ වටිනාකම් පිළිබද නොතකා දේශයේ ආරක්ෂාව පිළිබද නොසලකා වගකීමකින් තොරව ජීවත්වූ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන් තමන්ගේ දේශනා හා මාධ්‍ය සම්මන්ත්‍රණ තුළින් දැනුවත්කරමින් ආකල්පමය ප්‍ර බෝධයක් ඇතිකළ දේශප්‍රේමියකු වන අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමිහට 2019 නිදහස් දිනයට පෙර සමාවක් ලබා දීම තුළින් ඔබතුමා තවත් ඓතිහාසික යුතුකමක් ඉෂ්ඨකරදෙනමෙන් ලක්ෂ 20කට අධික ශ්‍රීලංකාවාසී හින්දු ජනතාව වෙනුවෙන් ආයාචනා කරමි.

මා මෙසේ කරන ඉල්ලීම ඔබතුමා හට පුදුම විය හැක. “ඔව්“ එය සත්‍යයි. අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ අන්‍ය ආගම්වලට බෞද්ධ ජනතාව හරවා ගැනීම හා ආගමික ප්‍රචන්චත්වයට එරෙහි දේශනා, ප්‍රතිපත්ති ලංකාවේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත හින්දු ජනතාව ආගම අතහැර යාමේ විපාකයෙන් බේරාගෙන ඇත. එමනිසා ශ්‍රී ලංකාවාසී හින්දු ජන කොටස් සදාචාරාත්මකව උන්වහන්සේ නිදහස් කිරීමට දායකත්වය ලබා දිමට බැදි සිටිනවායැයි මා විශ්වාස කරමි.

උන්වහන්සේ නිදහස් වී මෙම රටේ දේශපාලන පක්ෂවලින් ඔබ්බට ගිය රටෙ, ජාතියේ හඩක් ලෙස අඛණ්ඩව ක්‍රියා කළ යුතුයි යන්න අපගේ අභිලාෂයයි. මේ සදහා උතුම් මනසකින් සහ නිහතමානී චේතනාවකින් උන්වහන්සේ වෙත පොදු සමාව ලබා දිමට කටයුතු සලසා දෙන මෙන් ඉතා යටහත්ව ඉල්ලමි.

ටී. අරුන්කාන්තන්,
සභාපති,
හින්දු සම්මේලනය,
ශ්‍රී ලංකාව

Related posts

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday

අගමැති අස්වුණොත් – මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහය

colombotoday

විමල් වීරවංශට නොතීසි

Admin

හොර ප්‍රාඩෝ රථයක් සමග ශ්‍රිලනිපයේ කඩුවෙළ නාගරික මන්ත්‍රී අල්ලයි

colombotoday

“හොරු ඇල්ලීමේ බලය අපිට තිබුණා නම් මහින්ද ඇතුළු නඩේම හිරේ” – අනුර දිසානායක

colombotoday

PCR පරීක්ෂණ සිදු කළ හැකි අධිතාක්ෂණික රසායනාගාර 5 ක්

colombotoday