Colombo Today Local NewsUncategorized

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

anura

රාජපක්ෂ පාලනය එලවීම දක්වා ක්‍රියාත්මක වූ න්‍යායපත්‍රය තමන්ගේ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉල් මහවිරුවන් සැමරීම සදහා සංවිධානය කර තිබූ රැළියක් අමතමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මෙරට දේශපාලනය හසුරවමින් සිටින්නේ තමන් බවත් ඇවන්ගාඩ් පවරගැනීම, ඇමතිවරුන් ගෙදර යැවීම වැනි කාරනා තීරණය වන්නේ තම න්‍යායපත්‍රය අනුව බවත්ය.

තමන් ඉතා හොදින් උපක්‍රම තෝරන බවද ඔහු පවසනවා.

පසුගිය පාලනය ඉවත් කර යහපාලනය ගෙන ඒම පිටුපස ක්‍රියාත්මක වූයේ තමන්ගේ න්‍යායපත්‍රය බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරීද පසුගිය දිනක ඇමරිකානු රාජ්‍ය උත්සවයක් අමතමින් පවසා තිබුණා.

‍එමෙන්ම කෝටි ගණනක ධනස්කන්ධයක් රටට ගෙනා ඇවන්ගාඩ් සමාගමේ අවි ගබඩා ව්‍යාපාරය මාධ්‍ය නාලිකාවක් හිමි ව්‍යාපාරිකයතු යටතට ගැනීමේ සැළසුම්ක් ක්‍රියාත්මක වෙමින් පතින බව ප්‍රසිද්ධ රහසක්. ඒ සදහා පසුබිම සකසමින් ඇවන්ගාඩ් ව්‍යාපාරය නීති විරෝධි එකක් බවට සමාජ මතය ගොඩ නැගීම සදහා එක්තරා ‍දේශපාලන පක්ෂයකට සහ ආණ්ඩුවේ ඇමති ධූර දරන ප්‍රබලයන් කිහිප දෙනෙකුට මාධ්‍ය ආයතනයක් හිමි අදාල ව්‍යාපාරිකයා විසින් කෝටි ගණනික් වරදාන ලබාදී ඇති බවත් දේශපාලන තිරය පිටුපස කියවෙනවා.

 

 

Related posts

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

අගමැති ධුරයෙන් ඉවත්වෙන්නැයි ජනපති මෛත්‍රී අගමැති රනිල්ට දන්වයි !!

colombotoday

පොලිස් නිලධාරියෙක් දුන් දඩ කොලේට වෙනත් නිලධාරියෙකුට ට පොරෝ පහරක්

colombotoday

අද රටේ බුද්ධි අංශ අඩපණ වෙලා.. ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇතිවිය හැකියි – මේජර් ජනරාල් කමල් ගුණරත්න

colombotoday