Colombo Today Local News

පෙණහළු බද්ධ කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සුදානම්

ඉදිරියේදී පෙණහළු බද්ධ කිරීමේ කටයුතු ආරම්බ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට ඊයේ (05දා) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය.

“නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු අක්ෂි කාච ලක්ෂ 03 ක් බද්ධ කර තිබෙනවා. අවයව බද්ධ කිරීම් ආරම්භ කළ අතර, ඉදිරියේ දී පෙණහළු බද්ධ කිරීම ද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. හෘදයවස්තු බද්ධ කිරීම් 02 ක් සිදු කළ අතර, තුන්වෙනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.”

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

බියර් සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවා

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday