Colombo Today Local News

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

යුද සමයේදී සිදුවූ බව කියන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි පෙන්වා දෙයි.

අනුරාධපුරයේ සිට කතරගම දක්වා පාගමනක් ආරම්භ කර ඇති මරණ දඬුවම හිමිව ඇති රණවිරුවන්ගේ ඥාතීන් හා ආබාධිත රණවිරුවන් පිරිසක් මහනුවරදී උන් වහන්සේව අද බැහැදුටු අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

යුද සමයේදී සිදු වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට මරණ දඬුවම නියම වී ඇති රණවිරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හා ආබාධිත රණවිරුවන් පිරිසක් පසුගිය 25 වැනිදා අනුරාධපුරයෙන් මෙම පාගමන ආරම්භ කළහ.‍

ඔවුන් අනුරාධපුර රුවන්වැලි සෑය අභියස සිට දඹුල්ල, කටුගස්තොට, පසුකරමින් ඊයේ මහනුවරට පාගමනින් ළඟා වූ අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරත විය.

මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාද එක්ව සිටියේය.

අනතුරුව ඔවුන් අස්ගිරි මහා විහාරය වෙත පැමිණ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි බැහැ දුටු අතර පාගමන අද යළි මහනුවරින් ආරම්භ වී කෑගල්ල, නිට්ටඹුව, කොළඹ, ගාල්ල, මාතර හරහා කතරගමට ළඟා වීමට නියමිතයි.

Related posts

“රට ජාතිය වෙනුවෙන් බැරිනම් හමුදාවෙ ඉදල වැඩක් නෑ” සෙබළුන් පිරිසක් අස්වෙන්න යයි.. විනය ක්‍රියාමාර්ග ගනී

colombotoday

අන්තවාදීන් රොත්තම හංස වේදිකාවේ… දෙවන මනාපය සජිත්ට දෙන්නැයි හිස්බුල්ලා කියයි (Video)

colombotoday

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

colombotoday

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday