Colombo Today Local News

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

යුද සමයේදී සිදුවූ බව කියන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි පෙන්වා දෙයි.

අනුරාධපුරයේ සිට කතරගම දක්වා පාගමනක් ආරම්භ කර ඇති මරණ දඬුවම හිමිව ඇති රණවිරුවන්ගේ ඥාතීන් හා ආබාධිත රණවිරුවන් පිරිසක් මහනුවරදී උන් වහන්සේව අද බැහැදුටු අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

යුද සමයේදී සිදු වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට මරණ දඬුවම නියම වී ඇති රණවිරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හා ආබාධිත රණවිරුවන් පිරිසක් පසුගිය 25 වැනිදා අනුරාධපුරයෙන් මෙම පාගමන ආරම්භ කළහ.‍

ඔවුන් අනුරාධපුර රුවන්වැලි සෑය අභියස සිට දඹුල්ල, කටුගස්තොට, පසුකරමින් ඊයේ මහනුවරට පාගමනින් ළඟා වූ අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරත විය.

මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාද එක්ව සිටියේය.

අනතුරුව ඔවුන් අස්ගිරි මහා විහාරය වෙත පැමිණ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමි බැහැ දුටු අතර පාගමන අද යළි මහනුවරින් ආරම්භ වී කෑගල්ල, නිට්ටඹුව, කොළඹ, ගාල්ල, මාතර හරහා කතරගමට ළඟා වීමට නියමිතයි.

Related posts

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

colombotoday

අන්තවාදී සංවිධාන පිරිවරාගෙන එන්.එම් අමීන් පාස්කුව වෙනුවෙන් කතෝලිකයන්ට සුභ පතයි.

colombotoday

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

colombotoday

‘විශ්ව බුද්ධ’ යලි රක්ෂිත බන්ධනාගාරයට

Admin