Colombo Today Local News

“රණවිරුවො බේරගන්න කියල කැට හොල්ලනව.. නොදකින් විතරක්“ – හරීන් කියයි

හොරාකාපු ඇමතිවරු රණවිරුවා වෙනුවෙන් යැයි කියමින් අද කැට හොල්ල හොල්ලා යන බවත්, ඔවුන් හොරාකාපු සල්ලිවලින් එම රණවිරුවාට ලක්ෂ 20ක් ගෙවීමට හැකි බවත්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා එ් බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සිරිකොතදී අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙතෙම පැවසුවේ “පහුගිය ආණ්ඩුවෙන් හොඳට හම්බ කරපු ඇමතිවරු කිහිපදෙනෙක් ළඟදි ඉඳන් කැට හොල්ලනවා. පුදුමාකාර ජාතික කරුණාවක් හිතට ඇවිල්ලා තමයි මේ කැට හොල්ලන්න පටන් අරං තියෙන්නෙ. හමුදා නිලධාරියෙක්ගෙ ප්‍රශ්නෙකට වන්දි සඳහා මුදල් එකතු කරන්න තමයි මේක කරන්නෙ. ලොකුම හාස්‍ය තමයි මෙච්චර හොරා කාපු හිටපු ඇමතිවරුන්ට ලක්ෂ 20 ක් නැද්ද අනේ කැට හොල්ලන්නෙ.. නොදකිං විතරක්. ඔය ලක්ෂ 20 දෙන්න බැරිද ගෙදරින් ගෙනල්ලා.” යනුවෙනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ චෝදනාවට වැරදිකරු වූ හමුදා සෙබළා සම්බන්ධයෙන් නඩු පවරා ඇත්තේ ජී.ඇල් පීරිස් 1998දී අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී බවයි.

2000 වසරේ සිට එම නඩුව ඇසීම ආරම්භ වී ඇති බවත්, මහින්දගේ කාලයේ එය 40 වරක් පමණ අසා ඇති බවත්, අපේ කාලයේ එහි තීන්දුව දුන් බවත්, පෙන්වාදුන් ඇමතිවරයා එසේ සත්‍ය තත්ත්වය දැන දැනත් ආණ්ඩුවට චෝදනා කරමින් පිරිසක් ඒ ගැන ජනතාවට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට හෙතෙම චෝදනා කළේය.

 

Related posts

උදයංග වීරතුංග ඩුබායි බන්ධනාගාරයේ… මෙරටට ගෙන්වාගැනීමටනම් කරන්න ඕන දේ නීතිපති කියයි

colombotoday

“හොරු අල්ලනවෝ“ නාට්‍යය දැන් මාස 14ක් පුරා ජනතාව බැලුවා. අල්ලපු හොරෙකුත් නෑ. කරපු වැඩකුත් නෑ

colombotoday

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

හම්බන්තොට වරායේ උණුසුම් තත්වයක් (Video)

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday