Colombo Today Local News

මුස්ලිම් දරුවන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් කරන මද්රසා පාසල් 1169ක් රට පුරා..

ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා නව අණ පනත් අවශ්‍ය නොවන බවත් ඊට මුහුණදීම සඳහා දැනට ඇති අණ පනත් සංශෝදනය කිරීම හැර නව පනත් අනවශ්‍ය බව සහ ඊට මුහුණ දීමට අවශ්‍ය වන්නේ අවංක භාවයත් එඩිතර නායකත්වය බවත් නීතිවල අඩුවක් නොව පුද්ගලයින්ගේ ආත්ම ශක්තියේ අඩුවක් බවත් පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ගාල්ල-නාගොඩදී පැවසීය.

උන්වහන්සේ මේ බව පැවසුවේ හිමියන්ගේ අදහන පුජ්යෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියන්,

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධව තවමත් නිසි ප්‍රතික්‍රියා දකින්නට ලැබෙන්නේ නැහැ කියන එක තමයි පොදු ජන සමාජයේ ඇතිවෙලා තියෙන මතය.

අපේ රටට කිසිම පනතක් අලුතෙන් අවශ්‍ය නැහැ.තියෙන එන පනත් හොඳටම ඇති.අවශ්‍ය වෙන්නේ තියෙන පනත් අනුව කටයුතු කිරීමයි.දැන් ජනාධිපතිතුමාට බලය තියෙනවා හදිසි නීතිය යටතේ ව්‍යවස්ථානුකුලව තියෙන බලය හොඳටම ඇති මේ ත්‍රස්තවාදය මර්ධනය කරන්න.අවශ්‍යවන්නේ අවංක භාවය සහ එඩිතර නායකත්වයේ කැපවීම.නීතිවල අඩුවක් නෙමෙයි තියෙන්නේ පුද්ගලයින්ගේ ආත්ම ශක්තියේ තියෙන අඩුවක්.ආත්ම ශක්තියෙන් කටයුතු කරන්න මේ පරිසරය හොඳටම ඇති.වර්තමාන තත්වයට කිසිඳු අලුත් නීති අවශ්‍ය නැහැ.තියෙන නීති පුළුවන් සංශෝදනය කරන්න.තියෙන නීති බලශක්ති නංවන්න පුළුවන්.තියෙන නීති මදිනම් ඒවා සංසෝදනය කරලා වඩාත් ශක්තිමත් කරලා ත්‍රස්තවාදයට මුහුණ දෙන්න ඕන.මේ ත්‍රස්තවාදය මදින්න පවත්නා නීතිය හොඳටම ප්‍රමාණවත් අත්‍යවශ්‍ය වන්නේ මේ නීති ක්‍රියා කරන්නන්ගේ ආත්ම ශක්තිය අධිෂ්ටනය සහ කැපවීම සහ අවංක භාවයයි.

ඒ සඳහා වැදගත් වන උදාහරණයක් ඊයේ පළවුනා.ඒ තමයි ඉස්ලාම් ත්‍රස්තවාදය කුඩා දරුවාගෙන් පටන් ගෙන මුලිම් තරුණයන් දක්වා මොළ වලට ඇතුලත් කරන,මොළ සෝදන මැඩ්රාසා කියන අධ්‍යාපන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් රජය ගන්නට යන තීරණය දැන් අගමැතිතුමා වෙතින් ප්‍රකාශ වෙලා තියෙනවා.මැඩ්රාසා විද්‍යාල මුස්ලිම් සංවිධාන වලටම භාරදෙන්න.විශේෂයෙන් වහබ් සංවිධානයට මැඩ්රාසා විද්‍යාල වගකීම භාරදෙන්න සුදානම් වෙනවා කියන බව අපි මාධ්‍යයෙන් දැක්කා.මේක බරපතළ වරදක්.මේක හරියට උදාහරණයකින් කිව්වොත් හොරාගේ බඩු හොරාගේ අම්මට භාරදීම වැනි වැරදි ක්‍රියාවක්.මැඩ්රාසා කියන අධ්‍යාපන ආයතන ලංකාවේ එක්දහස් එකසිය හැට නාමයක් (1169) තියෙනවා කියලා වාර්තා වෙනවා.

මේ මැඩ්රාසා කියන අධ්‍යාපන ආයතන වල සිදු කෙරෙන කිසිම ක්‍රියා මාර්ගයක් රජයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ වෙනත් අමත්යන්ශයකින් හෝ වෙනත් ආරක්ෂක අංශයක අධීක්ෂණයට භාජනය වෙන්නේ නැහැ.ඒ ආයතන වල ක්‍රියා මාර්ග,පාටමාලා සියයට සියයක්ම ක්‍රියාත්මක වෙන්නේ (100%) ඒ ඒ ආයතනවල අවශ්‍යතාවය අනුවයි.සමහර විට ඒ ඇත්තෝ කියනවා මුස්ලිම් දහම් පාසල් කියලා.දහම් පාසලක් නම් ඇයි සතියේ දින පහේම,නැත්නම් දවස් හතේම ක්‍රියාත්මක වෙන්නේ ඇයි?…..මැඩ්රාසා කියන ආයතන තුළින් තමයි ත්‍රස්තවාදය නිර්මාණය කරන්නේ.එක තමයි ත්‍රස්තවාදයේ තිඹිරිගෙය.

ඒ සඳහා අපේ විද්වත් සංඝ සභාව මගින්යෝජනා ඉදිරිපත් කළා.විවිධ සංවිධාන මගින් යෝජනා කරලා තියෙනවා මේ රටේ ක්‍රියාත්මක වන මැඩ්රාසා කියන මේ මුස්ලිම් අධ්‍යාපන ආයතන සම්පුර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ පාලනය යටතට ගත යුතුයි කියන බව.

මේ ආයතන අධ්‍යාපන අමාත්යංශය යටතට ගත යුතුයි කියන එක තමයි මධ්‍යස්ත ජනතාවගේ ඉල්ලීම.අනෙක් කාරණය තමයි අධ්‍යාපනයට නීති දෙකක් තියෙන්න බැහැ. එක්දහස් නවසිය හැට එකේ (1961) අපි දැක්කා සියලුම පෞද්ගලික පාසල් රජය සතු කළා.සම්පුර්ණ අධ්‍යාපන පද්ධතියම ආණ්ඩුවේ නියාමනයකට ගොදුරු වෙලා තියෙනවා.යොමුවෙලා තියෙනවා.ඒ නියාමනය මැඩ්රාසා කියන අධ්‍යාපන ආයතන වලටත් පොදු විය යුතුයි.ඒ වගේම අරාබි පාසල් කියලා තව වෙනම වර්ගයක් තියෙනවා.ඒවායේ උගන්වන්නේ මොනවද කියලාවත් අපේ පොලිසියවත්,අපේ ආරක්ෂක අංශ වත්,අපේ අධ්‍යාපන අමාත්‍යංශ වත් කිසිවක් දන්නේ නැහැ.ඒ නිසා අපි කියනවා අගමැතිතුමා යම් තීරණයක් ගත්තානම් ඒ තීරණය සම්පුර්ණයෙන්ම වැරදියි.සම්පුර්ණයෙන්ම ඒ තීරණය අයින් කරගත යුතුයි.මැඩ්රාසා කියන ආයතන සම්පුර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ නියාමනයට යොමුකළ යුතුයි කියන බව තමයි අපි කියන්නේ.මේ තමයි අපේ රටේ මධ්‍යස්ත ජනතාවගේ ජන මතය.

අපි කියනවා බෞද්ධ විහාරස්ථාන වල අපි පවත්වනවා දහම් පාසල්.ඕනෑම ආගමික ආයතනයකට කියනවා අපේ දහම් පාසල් වලට ඇවිත් බලන්න අපි උගන්වන්නේ මොනවද කියලා.අපේ දහම් පාසල්වල උගන්වන විෂයන් උගන්වන කරුණු,උගන්වන්නේ කවුද ?..කොහොමද මේ ක්‍රමවේදය සකස්වෙලා තියෙන්නේ කියලා.ඕනෑම මුස්ලිම් ආයතනයකට ඇවිල්ලා ඕනෑම මුස්ලිම් පුජකවරයෙකුට ඇවිල්ලා,විද්වත් මණ්ඩලයකට ඇවිල්ලා අපේ දහම් පාසල් පරීක්ෂා කරන්න,අපි බොහොම කැමතියි.අපට ඉඩ දෙනවද මැඩ්රාසා කෙරෙන වැඩ කටයුතු ගැන හොයලා බලන්න?…පුද්ගලයින් හෝ සංවිධාන පැත්තකින් තියන්න.මේ රටේ අධ්‍යාපනයේ අධිකාරි බලය දරන අධ්‍යාපන අමාත්‍යංශයට ඉඩ දෙනවද මැඩ්රාසා ආයතන වල උගන්වන්නේ මොනවද කියලා බලන්න.ඒ නිසා අපි කියනවා මැඩ්රාසා නැමති ත්‍රස්තවාදය බිහි කරන තිඹිරිගෙවල් සම්පුර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යාශයේ නියාමනයට ගොදුරු කොට යටත්කොට මේ රටේ සාමය උදාකරලීම සඳහා හෝ මේ ත්‍රස්ත මර්ධන ක්‍රියාවලිය සාර්ථක කරන්න කියලා.

මේ රටේ අපි දකින අවාසනාව තමයි මුස්ලිම් පල්ලි ඉදිරිපිට ගහලා තියෙනවා බැනර්..සාමය උදාවේවා..!!..ඉස්ලාම් නාමයේ මේ ඉදිරිපත්වී තිබෙන මේ ත්‍රස්තවාදය අපි හෙලා දකිමු,පාස්කු ඉරිදා ප්‍රහාරය හෙළා දකිමු මේ වගේ බැනර් දාලා තියෙනවා.අපි රැවටෙනවා මේක ඇත්ත කියලා.සත්‍ය වශයෙන් මොකක්ද වෙන දේ?..මේ බැනර් එකට පසුපසින් පල්ලිය ඇතුළේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කරනවා.දහස් ගණනක් පල්ලි වලින් දැන් සොයාගෙන තියෙනවා කදු කිනිසි සහ මරණීය ආයුධ.දහස් ගණනක් කදු අහු වෙනවා.මේ සම්බන්ධයෙන් මාධ්‍ය විමසනකොට හරි අපුරු උත්තරයක් දීල තියෙනවා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳව මේ යහපාලන රජයේ ඇමතිවරයා.අබ්දුල් හලීම්.අපි නම් වශයෙන් පැහැදිලිව කියන්න ඕන අබ්දුල් හැලීම් කියන ඇමතිවරයා කියනවා මේ කදු ගෙනල්ලා තියෙන්නේ මුස්ලිම් දේවස්ථානවල,සුසාන භූමිවල කැලේ සුද්ද කරන්න කියලා,වල් කපන්න කියලා.

මේ ගැන අපට තර්ක දිගින් දිගටම කරන්න ඕන නැහැ.ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ පිළිතුරේ තියෙන බොළඳ භාවය සහ මේ පිළිතුරේ තියෙන යටි අරමුණ.සුසාන භූමිවල වල කපන්න නම් අද යුගයේ ඊට අදාළ යන්ත්‍ර සුත්‍ර තියෙනවා ක්‍රමානුකුලව කරන්න.කදු පවිහ්හි කරන්න ඕනද?..අසිපත් පවිහ්චි කරන්න ඕනෙද කැලේ කපන්න?…

අබ්දුල් හැලීම් කියන ඇමතිවරයා මේ කතාව කියලා ආවරණය කරන්න යන්නේ,වහන්න යන්නේ මේ ඉස්ලාම් ත්‍රස්තවාදය.එහෙම නම් අබ්දුල් හැලීම් ඇමතිවරයා සෘජු ලෙසම මේ ඉස්ලාම් ත්‍රස්තවාදයට සම්බන්ධයි,ඔහු ඉස්ලාම් ත්‍රස්තවාදී නායකයෙක් හැටියට අපි හඳුනාගත යුතුයි.ඔහුගේ මේ වචන ඇති ඔහු ගැන හඳුනාගන්න.

වෙන කිසි දෙයක් ඕන නැහැ මේ ඇමතිවරයා වහාම අත්අඩංගුවට අරගෙන ඔහු සතු සියලු තොරතුරු ලබාගෙන අදාල පරිදි නිත්‍යානුකුලව ක්‍රියාකළ යුතුයි කියන එක තමයි මේ රටේ සාමයට ලැදි බෞද්ධ ඉස්ලාම් හින්දු ක්‍රිස්තියානි සියලු දෙනාගේම අදහස.මේ ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතුයි.ඔහු කියන මේ මුසාවාදයම ඇති ඔහු ත්‍රස්තවාදය නිර්මාණය කරන කෙනෙක්.ඔහු ත්‍රස්තවාදී නායකයෙක් කියන එක ඔප්පු කරන්න.

විදේශ ආධාර ලබා ගැනීම පරිස්සමින් කලයුතුයි.මිතුරන්ගේ ස්වරුපයෙන් හතුරන්ට අවස්තාව ලැබිලා තියෙනවා.දැන් තුවාල්ලයක් සකස් වෙලා තියෙනවා.මේ තුවාල්ලයට ඉහඳ තැබීමේ අවස්තාව උදාවෙලා තියෙනවා.මෙන්න මේක හොඳින් මතක තියාගන්න ඕන.විදේශ වලින් ලැබෙන මුදල් ආධාර ලබා ගැනීමේ වරදක් නැහැ.නමුත් අපේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් යුතුව විදේශ ආධාර ඉදිරිපත් වූ පමණින් ලබා නොගෙන ඒවා ක්‍රමානුකුලව අධ්‍යනය කරලා සමීක්ෂණයට පත් කරලා විදේශවලින් ආධාර ගත්තට කමක් නැහැ.ඇත්ත වශයෙන් අපිට විදේශ ආධාර අවශ්‍යයි.ප්‍රසංසා මුඛයෙන් අපි කතා කරන්න ඕන රුසියානු රජය ගැන.රුසියානු සන්හරකයින් ලංකාවට එමින් පවතිනවා.කිසිඳු බියකින් තොරව ඔවුන් කියන්නේ රුසියාව ත්‍රස්තවාදයට මුහුණ දෙනවා ඉතාමත් සෘජු ලෙස.අපිටත් රුසියාව මේ අවස්ථාවේදී වැදගත් ආදර්ශයක්.

එළඹෙන සඳුදා පාසල් ආරම්භ කිරීම සඳහා කටයුතු යොදාගෙන තියෙනවා.මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සමීක්ෂණ පරීක්ෂණ අධීක්ෂණ කටයුතු සිද්ද වෙන්න ඕන කියලා අපි කියනවා.පාසල් හය වෙනිදා පටන් ගන්නවා නම් අඩුමගානේ මීටර් සීයක දුරක වත් ඒ තියෙන සියලු ගෙවල්,සියලුම නිවාස,කඩ සාප්පු අඩිය දැඩි සෝදිසියකට යොමු කල යුතුයි.එක නාගරික පාසල් කියලා විශේෂයක් නැහැ.හැමතැනකම පාසල් වල සෝදිසි කල යුතුයි.මේ සඳහා ආරක්ෂා අංශ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.සියලුම ආරක්ෂක අංශ,ඒ වගේම සිවිල් ආරක්ෂක අංශ සියල්ලම යොදාගෙන අඩුමගානේ  මීටර් සියයක දුරප්‍රමාණය තුළ සියලුම නිවාස සමීක්ෂණය කල යුතුයි.ඒ එක්කම මේ ගම්වලට එන යන අය සම්බන්ධයෙන් විශේෂයෙන් මුස්ලිම් ආගන්තුකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් නිරන්තර සටහන් තැබිය යුතුයි.සෑම ග්‍රාමසේවා කොට්ටසයකම ග්‍රාම නිලධාරී තුමාට සහ පොලිසියට ඒ සම්බන්ධයෙන් වගකීම පැවරිය යුතුයි. යනුවෙන් පැවසීය.

– මොරවක ප්‍රියංකර ගමගේ
– නෙළුව පියරත්න ජයවික්‍රම

Related posts

මෙරට හමුදාවන් ලගවත් නැති වර්ගයේ බෝම්බයක් කුලියාපිටිය මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ළග… ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය කරයි…

colombotoday

බීමත් කාන්තාවකගේ ඇඟේ හැපී හිරි ඔතප් බින්දැයි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට අත්හිටවූ සිරදඬුවම්

colombotoday

උඩ වතුර තරුවලට, මැද වතුර පටිවලට, මඩ වතුර පොඩි අපට, කොටි ගහල මදි තොපිට !

colombotoday

කරුට පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් නෑ… ආණ්ඩුවේ තීරණය මෙන්න…

colombotoday

“විල්පත්තු සංහාරයට මාත් විරුද්ධයි” රිෂාඩ් බදුර්දීන් පරිසර හිතකාමීන්ව ඔලුවෙන් හිටගස්සවයි

colombotoday

අඩු ආදායම්ලාභී ලක්ෂයකට පුහුණුවෙන් පසු ඔක් 01 සිට රජයේ රැකියා !

colombotoday