Colombo Today Local NewsUncategorized

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ආයතන වලට නිළධාරීන් පත් කිරීමේදී කැබිනට් අමාත්‍ය මහින්ද සමරසිංහ සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තමන්ගේ හිතවතුන් එම තනතුරු සඳහා පත් කර ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද ලිඛිතව පැමිණිලි කර තිබෙනවා.

අමාත්‍යංශවලට අයත් ආයතනවලට සභාපතිවරුන්, උපසභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත සැදුම්ලත් කමිටුවක් මගින් නිර්දේශ කරන ලද පුද්ගලයන් පමණක් පත් කළ යුතු බවට යෝජනාවක් පවතිනවා.

එසේ තිබියදීත් මහින්ද සමරසිංහ මහතා විසින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයට අයත් ඇතැම් ආයතනවල සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කිරීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි පාලිත රංගේබණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ යූසස් පිරිස් මහතායි.

1944 වසරේ උපන් ඒ මහතාගේ වයස අවුරුදු 71 ක් වනවා.

එමෙන්ම වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි සහ උපසභාපතිවරයා වන නීතීඥ සුදත් හඳුන්ගේ යන මහත්වරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් පවතින බවයි පාලිත රංගේබණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ.

මෙය යහපාලන සහ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කිරීම සඳහා කැපවූ සියලු දෙනා විසින්ම ප්‍රතික්ෂේප කරනවා.

එම නිසා ඒ සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන ලෙසයි රංගේබණ්ඩාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.

(Neth Fm)

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday

අදත් රුපියල් දෙකකින් අවප්‍රමාණය වේ… ඩොලරය 170 පන්නයි…

colombotoday

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday