Colombo Today Local News

මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු ලෙස පෙනී සිට නිරෝධායන නිවෙස්වලට ගිය අයෙක් අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස පෙනි සිටිමින්  ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිවාස පහකට ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත්සැකකරු  කොහොඹබලාදෙණිය පොද්දල ප්‍රදේශයේ පදිංචිතිස්පස් හැවිරිදි වියේ පසුවන අයෙකි.. මෙකි සැකකරු  වදුරඹ පොලිස් බල  ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින එක් නිවසකට හා පොද්දල ප්‍රදේශයේ නිවාස 04ක ගොස් ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත සැකකරු  අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි  සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කාර්යාලයකට අනුයුක්තව සේවය කරණ . දුම්මැෂින් යන්ත්‍රි ක්‍රියාකරුවෙකු බව පොලිසිය පවසයි.

සැකකරු මැදකිඹිය වරකපිටිකන්ද ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින  කාන්තාවකගේ නිවසට අත්දිග සුදුකමිසයකින් හා දුඹුරුපැහැති කලිසමකින් සැරසි ගොස් ඇත. තමන්  පහළ කිඹිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බවත් අසනිප තත්වයක් තිබෙනවානම් තමන්ට දැනුම් දෙන ලෙස සැකකරු  කාන්තාවට ඔහුගේ දුරකථනය අංකය ලබාදි ඇත. පසුව  මොහු මෙකි කාන්තාවගේ හැදුනුම්පත ඉල්ලා  එය සිය ජංගම දුරකථනයෙන් ඡයාරුපයක්ගෙන ඇති බවද පොලිසිය පවසයි. පසුව මොහු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාටද  දුරකථනයෙන් කථාකොට   ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින් සොයා නොලැබිම පිළිබද දොස් පවරා ඇති බවද පොලිසිය පවසයි.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් කරණු ලැබු පැමිණිල්ලකට අනුව  අන් අයෙකු ලෙස පෙනිසිටිමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වදුරඹ පොලිස් ස්ථානාධිපති රුක්මන් කුමාර මහතා  ඇතුළු නිලධාරින්  කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

Related posts

විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද හුදකලා කෙරේ

colombotoday

රාජ්‍ය වෙසක් උත්සවයත් අත්හිටුවයි

colombotoday

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

colombotoday

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

colombotoday

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday