ජනාධිපතිවූ පසු තම ආණ්ඩුවේ අගමැතිවරයා තීරණය කරන්නේ තමන් විසින් බව එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රටට කොඩිවිනයක් වූ පුද්ගලයන් තමන් පත් කරගන්නේ නැති බවත් රටට හානිකර තීන්දු ගන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.
දැනට නම් කර ඇත්තේ නීතිය හා සාමය ඇමැති ලෙස සරත් ෆොන්සේකා මහතා පමණක් බවත්, ඒ හැරුණකොට වෙනත් කිසිදු ඇමතිකමක් නම් කර නැති බව ද ඔහු පැවසීය.
නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවේද අගමැති තමන් බවයි.