Colombo Today Local News

යහපාලන ඇමති සගයන්ගේ කැත වැඩ ගැන රන්ජන් කතා කරයි

ranjan

රට ආර්ථික අර්බුදයක පවතිද්දී ජනතාවට පටි තද කරගන්න කියා ආණ්ඩුවේ ඇමතිවරු සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට රටේ ධනය වැය කිරීම කිසි සේත්ම තමන් අනුමත නොකරන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මැති ඇමැතිවරුන් තිස්‌දෙනකු අති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 118 ක මුදලක්‌ පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා මේ බව කියා සිටියේය.

අපි බලයට එන කොට ජනතාවට කිව්වෙ හැම කෙනකුටම වාහනයක්‌ ගන්න තත්ත්වයට ආර්ථිකය ගොඩනගනවා කියලා. ඒත් රටේ ඇතිවෙලා තියන ණය බර සහ අනෙකුත් විපත් නිසා අද ජනතාවට පටි තද කර ගන්න වෙලා. ඒවගේ වෙලාවක අනවශ්‍ය දේකට මෙතරම් විශාල මුදලක්‌ වෙන් කරන එක වැරදියි.

මම පාවිච්චි කරන්නෙ 2011 වර්ෂයේ ලියාපදිංචි කළ වාහනයක්‌. ඒක මාසෙකට සැරයක්‌ කැඩෙනවා. ඒත් මම ඒක කොහොම හරි හදාගෙන පාවිච්චි කරනවා.

මම නිල නිවසක්‌වත් අරගෙන නැහැ. තාමත් ඉන්නෙ මාදිවෙල මන්ත්‍රි නිවසෙ. රටේ ප්‍රශ්න ඇතිවෙලා තියන වෙලාවෙ අනිත් අයත් අනවශ්‍ය වියදම් අඩු කරගන්න ඕනෙ. එහෙම නොකර පසුගිය ආණ්‌ඩුව කරපු අනවශ්‍ය වියදම් අපිත් කරන්න ගියොත් යහපාලන ආණ්‌ඩුවත් මිනිස්‌සු ප්‍රතික්‍ෂේප කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ගත කරන්නෙ බොහොම සරල ජීවිත. මේ අය නිල නිවාසවල පදිංචිවෙලා නැහැ. විදේශ සංචාරවල ගියත් යන්නෙ සාමාන්‍ය ගුවන්යානාවල. අපි අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් ආදර්ශයට අරන් වැඩ කරන්න ඕනෙ යෑයි රාමනායක මහතා වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

බීමතින්, රියදුරු බලපත්‍රයක් නොමැතිව, ගංජා සුරුට්ටුවක් තබාගෙන වෑන් රථයක් පැදවූ පුද්ගලයෙකුට 52500 ක දඩයක්

colombotoday

එජාපය ගහන ගහන පදේට නටන්නැතිව කෙලින් තීරණයක් ගන්න – මහින්ද මෛත්‍රීට කියයි

colombotoday

රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයි

Admin

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

colombotoday

අයහපත් කාලගුණයෙන් රත්නපුර පුද්ගලයින් 8,556 පීඩාවට පත් වෙති

colombotoday