Colombo Today Local News

පාස්කු කොමිසමේ වාර්තාවෙන් පසු අවශ්‍ය නම් නීතිත් වෙනස් කරනවා.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු විගස රටේ පවතින නීති වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කරන බවත් ආරක්ෂක ක්ෂේත්‍රය සහ පරිපාලන ව්‍යූහයන් තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

එම කොමිසමෙන් අනාවරණයවන සාක්ෂි අනුව ජනතාව තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල චකිතයක් ඇතිව තිබෙන බවත් අනාගතයේ නැවත මෙවැන්නක් සිදුනොවීමට අවශ්‍ය සියලු පියවර රජය ගන්නා බවත් පැවැසුවේ ය. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (26)දින පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මෙම ඛේදවාචකයට වගකිවයුත්තන්, මුදල් සැපයූවන් හා රැකවරණය ලබාදුන්නේ කවුදැයි ආදිය සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් අනාගතයේ නැවත මෙවැන්නක් සිදුනොවීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සඳහා රටේ නීති වෙනස් කිරීමට අවශ්‍යද , ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ පරිපාලනය තව ශක්තිමක් කළ යුතුද ආදීය කෙරෙහි අවධානය යොමු කරන බව ද ඇමතිවරයා කීවේය. එම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුද සහභාගී වූහ.

Related posts

දෙවියන් වහන්සේ වෙනුවෙන් බෝම්බ පුපුරවන්න යන්න එපා…මැල්කම් රංජිත් කාදිනල්තුමා නත්තල් මංගල පූජාව පවත්වමින් පවසයි

colombotoday

ඔන්ලයින් ක්‍රමයට උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම ඇරඹේ

colombotoday

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

දකුණු ආසියාවේ විශාලතම රෝහල පොළොන්නරුවේදී ජනතා අයිතියට

colombotoday

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුත් ඉන්දියාවට.. ගනුදෙනුව යට ටෙන්ඩර් මගඩියක් !

colombotoday

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday