Colombo Today Local News

දේශපාලන අවුල අස්සේ විදෙස් ආයෝජකයෝ සල්ලිත් අරන් රටින් යයි… ගිය සතියේ පමණක් කෝටි 392ක් ඉවත්කරගෙන

ගිය සතිය තුළ දීද සුපුරුදු පරිදි කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනවල ශුද්ධ විදේශීය ගලා යාමක්‌ වාර්තා වේ.

ගිය සතිය තුළ විදේශීය මිලදී ගැනීම් රුපියල් බිලියන 1.45 ක්‌ ලෙසින් වාර්තා වන අතර විදේශීය විකුණුම් රුපියල් බිලියන 5.37 ක්‌ ලෙසින් වාර්තා වේ. මේ අනුව ගිය සතිය තුළදී විදෙස්‌ ආයෝජකයින් විසින් කොළඹ කොටස්‌ වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති ආයෝජනවල ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 3.92 ක්‌ බව වාර්තා වේ.

එසේම පසුගිය ඔක්‌තෝබර් 26 වනදායින් පසු කොළඹ කොටස්‌ වෙළෙඳපොළෙන් ඉවත් කෙරී ඇති ශුද්ධ විදේශ ආයෝජන මුළු වටිනාකම රුපියල් බිලියන 11 ඉක්‌මවා ඇති අතර 2018 වසරේ මේ දක්‌වා කාලය තුළ කොටස්‌ වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති ශුද්ධ විදෙස්‌ ආයෝජන වටිනාකම රුපියල් බිලියන 20 සීමාව ඉක්‌මවා තිබේ.

පසුගිය සතිය ආරම්භයට සාපේක්‌ෂව ගිය සතිය තුළදී ඒකක 113.58 කින් සියලු කොටස්‌ මිල දර්ශකය පහළ ගොස්‌ තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Related posts

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

colombotoday

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

colombotoday

“ණය ගෙවාගන්න බෑ.. මත්තල ඉන්දියාවට දෙනවා” – ගුවන් සේවා නි.ඇමති

colombotoday

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

colombotoday

නිරෝධායනය මගහැර බස් රථයකින් පළා ගිය වනාතමුල්ලේ අයෙකු මත්තලදී අල්ලයි

colombotoday

ඉෂාලනිගේ දෙමව්පියන්ට රිෂාඩ් කොතරම් බලපෑම් කරාවිද? ඇප ලැබීම ප්‍රශ්නයක්…

colombotoday